(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ කොල්ලකරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට  .sh පොලිස් කණ්ඩායමක පොලිස් කොස්තාපල්වරයෙකුට පිහියෙන් ඇන තුවාල සිදු කළේ යැයි කියන එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු  අත්අඩංගුවට බව කටාන පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් මෙම සැකකරු වසර 13 සිර දඬුවම් ලබා නිදහස ලබා පැමිණි අයකු බවද පොලිසිය පවසයි

පිහි ඇනුම් කෑ පොලිස් කොස්තාපල්වරයා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබී  මත්කුඩු ජීව අත්බෝම්භයක් ද තිබී පොලිස් භාරයට ගෙන ඇත පොලිස් කොස්තාපල් වරයාට අනින්න ලදැයි කියන පිහිය ද පොලිස් භාරයට බාරයට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම් රන්මාල කොල්ලකෑම සහ ගෙවල් බිඳුම් ඇතුළු විවිධ අපරාධ විස්සක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව තවමත් අධිකරණවල නඩු විභාග වෙමින් පවතින බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.

හිරෙන් නිදහස් වී ආ මෙම පුද්ගලයා යළිත් හෙරොයින් ජාවාරමේ නිරතව සිටින බවට ලැබුණු තොරතුරක් අනුව කටාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් එම පුද්ගලයාගේ නිවස වැටලීමට ගොස් ඇත.