අංජුල මහික වීරරත්න
කොකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන මැති ඇමැතිවරුන් සිටී දැයි සෙවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (20) විශේෂ කමිටුවක් පත් කළේය.
සභානායක රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ සහභාගීත්වයෙන් යුතු මෙම කමිටුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ, නීතිඥ නිශ්ශංක නානයක්කාර මහත්වරු සෙසු සාමාජිකයෝ වෙති.
කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද (20) රැස්වූ එක්සත් ජාතික පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී මෙම කමිටුව පත්කර තිබේ.
කොකේන් භාවිතා කරන මැති ඇමැතිවරුන් සිටින බවට මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍ය රංජන් රාමනායක මහතා ඉකුත් දා කළ ප්‍රකාශයක් නිසා මහත් ආන්දෝලනයක් ඇතිවිය.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කරන කමිටුවේ වාර්තාව එක්සත් ජාතීක පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයට බාරදීමට නියමිතව ඇතැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා හැමදේටම කරන්නෙ කමිටු දාල කල්මරණ එක. බොරු කිරීමේ සීමාවක් තිබිය යුතුයි. කමිටුවක් දානවනං ඒක ස්වාධීන වෙන්ඩ ඕනේ, නිශ්ච්ත කාලයක් තිබිය යුතුයි (මාස ගණනක් නං නෙවෙයි ).
පාර්ලිමේන්තු දිනක දැනුම් දීමකින් තොරව මන්ත්‍රීවරුන්ගේ ලේ පරික්ෂාවක් කලා නම් කාගේ කාගේත් පැටිකිරිය හොයා ගන්නට පුළුවන්.
ඉස්සෙල්ලම රුධිර පරීක්ෂණයට යන්න ඉන්න අයගේ නම් කිහිපයක් ලැබිලා තියනවා.. විමල් වීරවංශ සහ නාමල් රාජපක්ෂ..
කුඩු ගහන කට්ටියගෙන් එක්කෙනෙක් හරි ඔය කමිටුවට ඇවිත් හිටියොත් වැඩේ බකල්නේ සර්.. ඕක බාරදෙන්න තිබුණේ රහස් හොයාගැනීමට පළපුරුදු ඇති පුද්ගලයෙක් පෙන්ෂන් ගිය උසස් පොලිස් නිලධාරියෙක් වගේ කෙනෙක්...
ඔය කතාව එළියට දාපු කෙනාට ඔය කමිටුවේ සභාපතිකම දෙන්නයි තිබ්බේ. කුඩු භාවිතා කරන කට්ටිය කවුද කියලා " නමද, ගමද වයස එක්ක පත්තරේට වැටෙන කල් අනේ... අපට නින්ද යන්නේ නෑ අනේ... " කීවලු. අද පත්තරේ දැක්ක පිලිපීන ජනාධිපතිතුමා " කුඩුකාරයෝ නැති කරන්න එයා දුන්නු උපදෙස් හිස මුදුනින්ම බාරගත්ත කෙනා තමයි ශ්‍රී ලංකා ජනාධිපති" කියලා හොඳවායින් රෙකමදාරුවක් දීලා තියෙනවා. එ් වෙලාවේ මහත්තයා කියපු අනෙත් දේවල් නම් මෙතන ලියන්න ටිකක් අපහසුයි.
ඇමතිවරුන් ගැන හොයන්න. එකට වැඩ කරන අනික් ඇමතිවරු පත්කරලා හරියනවද? ස්වාධීන කමිටුවක් නේද පත් කරන්න ඕනෑ...
හා හා එ් කමිටුවෙන් වැඩක් නැත. තාමත් හොරාගේ අම්මගෙන් පේන අහන ගොයියන් ඉන්නවද?
අනේ මන්දා... මට නම් දැන් ඔය කවුරු ගැනවත් විශ්වාසයක් නැහැ.
මේ ගැන අද පාර්ලිමේන්තුවේ අදහස් පල කරනකොට, මහින්ද මහත්තයා සෑහෙන බයකින් වගේ කතා කලේ ඇයි දන්නේ නැහැ?
රනිල් ට කැස්සක් ගියත් කමිටුවක් පත් කරනවා. මනම් දැකලා නැහැ මේ කමිටුව ප්‍රගති වාර්තාවක් නම් කවදාවත්.
ඉස්සෙල්ලා රටපුරා බාර් ටික වහලා දාන්න