(බිමල් ශ්‍යාමන් ජයසිංහ, සුමිත් පොතුපිටිය සහ ඉන්දිකා රාමනායක)
රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සලිදු මල්ශිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිදු නමැත්තා අපරාධ රැසකට යොදාගත් බවට සැක කරන ජර්මනියේ නිෂ්පාදිත නයින් එම් එම් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් පොලිස් භාරයට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය කියයි.
එම ගිනි අවිය සමග මැගසිනය සන්තකයේ තබාගෙන සිටි ඔහුගේ ගෝලයෙක් අත්අඩංගුවට ගත් බව එම ඒකකය කියයි .
අධිකරණ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරන සලිදු මල්ශිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිදු නැමැත්තා අනාවරණය කල තොරතුරු අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර හිරණ ප්‍රදේශයේ ප්‍රසිද්ධ විහාරස්ථානයක් ආසන්නයේ දිය.
අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ රැඳවුම් නියෝග ලබා ගෙන මෙම ගිනි අවිය යොදාගෙන සිදු කළ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කුඩු සළිදුගේ ගෝලයෙක් පානදුරෙන් අල්ලයි