(මනෝ ප්‍රිය ගුණසේකර)
හෙරොයින් කිලෝ පහකට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ සිටි සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ සහ සගයකු කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඊයේ පහ නිදොස් කොට නිදහස් කළේය.
මීට වසර හතරකට පෙර රාජගිරිය ඔබේසෙකරපුර ප්‍රදේශයේදී පෙරොයින් කිලෝ 13කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව පැමිණිල්ලෙන් කීවත් පැමිණිල්ලේ සාක්කි සලකා බැලීමේදී එවැනි වැටලීමක් සිදුවූවාද යන්න සැක සහිත බව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරමින් විනිසුරුවරයා නිකුත් කළ නියෝගයේ සඳහන් කර ඇත.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට නැතැයි සඳහන් කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ කොස්ගොඩ තාරක නමැත්තාගේ අනියම් බිරිඳ බව කියන නිලංකා රසානි සහ ඇගේ සහායකයකු බව කියන මොහොමොඩ් සෆීර් නමැත්තෙකි.
2019 නොවැම්බර් 22 වැනිදා හෝ ඊට ආසන්න දිනයක රාජගිරිය ඔබේසෙකරපුර ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් පහක් ළඟ තබා ගැනීම යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබිණි.
පොලිස් මත්ද්‍රව්‍ය නායක කාර්යාංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කළ වැටලීමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව අධිකරණයට දැනුම් දුන් අතර රජයේ රස පරීක්ෂකවරයා විසින් එහි ශුද්ධ හෙරොයින් කිලෝ ග්‍රෑම් පහක් ඇති බව තහවුරු කර තිබිණි.
දීර්ඝ නඩු විභාගය අවසානයේ සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා දක්ෂ පලපුරුදු නිලධාරීන් වන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් මෙම වැටලීමට අදාළව දුන් සාක්කි විශ්ලේෂණය කිරීමේදී මෙවැනි වැටලීමක් වූවාද යන්න පිළිබඳ සැකයක් මතුවන්නේ යැයි සඳහන් කළේය.
කුඩු ජාවාරම්කරුවෙකුගේ අනියම් බිරිඳක් විසින් පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වැටලීම සඳහා ගිය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කාන්තා පොලිස් නිලධාරිනියක් කැඳවාගෙන නොයාම ගැටලු සහගත බව තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි ද සඳහන් කළේය.
ඒ අනුව විත්තිකරුවන් දෙදෙනාම නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තමයි (ඕවර්) ඇක්ටිං අයි ජී ගේ "යුක්තිය" ට ඉදිරි කාලයේදී අත්වෙන ඉරණම.
පොලීසිය කොතරම් වෙහෙස වුවත් රට නීතිගරුක කළ නොහැක්කේ උසාවි නිසා වග පැහැදිලියි...
කැකිල්ලේ නඩු තීන්දුවක්... ශුවර් එකට ගාණක් දීලා ඇති... එහෙම දුන්නේ නෑ කියලා සාධාරණ සැකයක් නැතිව ඔප්පු කරන්න පුළුවන්ද?
කවුද බොල මේ බවලතීට පෙනී සිටි නීතිඥයා ? අර කලින් කෝටි තුන්සීයේ කුඩු නඩුවෙන් ලැබුනු කෝටි සිය ගනනක සන්තෝෂම් මුදලින් " හිසට සෙවන" දෙන ජාතියක් නිපදවන කර්මාන්ත ශාලාවක් මිලදී ගත්තු කෙනාම ද ?
වැටලීමට යනකොට ගැහැණු පොලිස් යන්නම ඕනද ?බර කුට්ටියක් ලැබිලා වගේ
නඩුව පැවරීමෙන් පසු පොලිසිය ජරාව කාලා
අල්ලන කුඩු උසාවියට ඉදිරිපත් කරන කොට පාන්පිටි බවට පත්වෙනවා කියන කතාවෙත් ඇත්තක් තියෙන්න බැරි නැහැ.
අල්ලපු උනුත් මරු තීන්දුවත් මරේ මාරු .රටක නීතිය බල්ලට
මත්ද්‍රව්‍ය නාශක අංශය අල්ලපු බඩු අතුරුදන් කලා වෙන්න බැරිද.?. නැතිනම් ඇත්තටම බොරු ප්‍රසිද්ධිය දීල කාව්‍ය හරි ලොක්කෙක් පුම්බන්න කල ජඩ වෑයමක්.....
ඇක්ටින් කෑල්ල හැලෙනකල් ඔහොම යාවි. එදාට ඔය රගපෑම් ඔක්කොම ඉවරයි. නඩුත් ඉවරයි.
පව් අර පොලිසියෙ කොල්ලො..නීතිඥයන්ගෙ ගැට ..කුඩ්ඩො නිදහස්..
අම්මපල්ලා පුතේ????
ඇක්ටිං කෑල්ල හැලෙනකල් ඔහොම යයි. ඊට පස්සෙ රගපෑම් ඔක්කොම ඉවරයි.
මුදලට කල නොහැකි දෙයක් නැති බව පේනව නේද. ඉදිරියේදි අධිකරණයත් මුදලට ගත්තොත් පුදුම වෙන්න එපා…!
බයවෙලා වගේ...!