(කුෂාන් ජයවර්ධන)
විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් ද සන්තකයේ තබාගෙන අයිස් මත්ද්‍රව්‍ය අලෙවි ජාවාරමක නිරතවූ යුද හමුදා විශේෂ බලකායේ හිටපු සාමාජිකයකු කැකිරාව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
කැකිරාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාට ලද තොරතුරක් අනුව යුක්තිය මෙහෙයුම යටතේ සිදුකළ ක්ෂණික මෙහෙයුමකදී එම සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිව තිබේ.
කැකිරාව නීකිණීයාව මීගහවැව ප්‍රදේශයේ වෙල්යායක සැගව සිටියදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.
අත්අඩංගුවට ගිය අවස්ථාවේ සැකකරු සිය ඇදුමේ සාක්කුවක සගවා සිටි ජීව අත්බෝම්බයක් එළීයට ගෙන පොලිස් නිලධාරීන් වෙත එල්ල කිරීමට සූදානම් වන අවස්ථාවේ වැටලීමට ගිය පොලිස් නිලධාරීන් සැකකරු මෙල්ලකර සැකකරුගේ උත්සහය ව්‍යර්ථ කිරීමට සමත්ව තිබේ.
එම අවස්ථාවේ පොලිස් නිලධාරීන් යොදා තිබූ උපාය මාර්ග හා දක්ෂතාවයන් හේතුවෙන් සැකකරු අතින් එම ස්ථානයේදී අහිමිවීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකගේ ජීවිත බේරී තිබිණ.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
845
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කුඩු මුදලාලි පොලිසියට බෝම්බයක් ගහන්න හදලා
ඉන්දික Sunday, 31 December 2023 01:27 PM
පොලිසියේ ලස්සන රඟපෑම් යනවා මේ දවස්වල. සැමෝම කල්පනාවෙන් පාරේ යන්නේ හොඳේ...