(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීගමුවේ සිට වේයන්ගොඩ සහ නයිවල ඇතුළු පෙදෙස්වලට මත් කුඩු බෙදාහැරීමෙි නිරතව සිටි සෞඛ්‍ය සේවකයකු මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකරු මීගමුව මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු ලෙස සේවය කරන 33 හැවිරිදි අවිවාහක අයෙක් බව හෙලිවී ඇතැයි පොලිසිය කියයි .
වේයන්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව නයිවල මංසන්ධියෙහි යොදා ඇති විශේෂ මාර්ග බාධකයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 300 ක් ද පොලිස් භාරයට ගනු ලැබීය .
අත්අඩංගුවට ගත් සැකකාර සෞඛ්‍ය කාර්යය සහයකයා මීගමුව මහ රෝහලේ සේවය කරමින් එම ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගෙන් හෙරොයින් ලබාගෙන සේවය නිම වී පොදු ප්‍රවාහන සේවයේ බස් රථවලින් ඔහු පදිංචි වේයන්ගොඩ ප්‍රදේශයට පැමිණ හෙරොයින් බෙදාහැර ඇති බවට පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd