IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


කුඩු බෙදූ සෞඛ්‍ය සේවකයා මාට්ටු

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීගමුවේ සිට වේයන්ගොඩ සහ නයිවල ඇතුළු පෙදෙස්වලට මත් කුඩු බෙදාහැරීමෙි නිරතව සිටි සෞඛ්‍ය සේවකයකු මත්කුඩු සමග අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය කියයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වේයන්ගොඩ වටද්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු මීගමුව මහ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු ලෙස සේවය කරන 33 හැවිරිදි අවිවාහක අයෙක් බව හෙලිවී ඇතැයි පොලිසිය කියයි .

වේයන්ගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව නයිවල මංසන්ධියෙහි යොදා ඇති විශේෂ මාර්ග බාධකයේ දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 05 යි මිලි ග්‍රෑම් 300 ක් ද පොලිස් භාරයට ගනු ලැබීය .

අත්අඩංගුවට ගත් සැකකාර සෞඛ්‍ය කාර්යය සහයකයා මීගමුව මහ රෝහලේ සේවය කරමින් එම ප්‍රදේශයේ කුඩු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වී ඔවුන්ගෙන් හෙරොයින් ලබාගෙන සේවය නිම වී පොදු ප්‍රවාහන සේවයේ බස් රථවලින් ඔහු පදිංචි වේයන්ගොඩ ප්‍රදේශයට පැමිණ හෙරොයින් බෙදාහැර ඇති බවට පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

 



අදහස් (0)

කුඩු බෙදූ සෞඛ්‍ය සේවකයා මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1980 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1551 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site