
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ බුද්ධික කුමාරසිරි)
දැනට බන්ධනාගාර ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අසංක ප්‍රියදර්ශන නොහොත් කුඩු අසංක මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන අධි සුඛෝපභෝගී දෙමහල් ගොඩනැගිල්ලක් ඇතුළු රුපියල් කෝටි පනහකට ආසන්න මුදල් හා දේපළ සමග ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි.
ඒ අතර රුපියල් කෝටි තුනකට ආසන්න පර්චස් දහයක භූමියක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලකට මුද්‍රා තැබූ බවද පොලිසිය කියයි.
මෙම වැටලීමේදී පර්චස් විස්සක ඉදිකර තිබූ අධි සුඛෝපභෝගී දෙමහල් නිවසක්, පර්චස් දහයක ඉඩමක ඉදිකර තිබූ තෙමහල් ගොඩනැගිල්ලක්,මෝටර් රථයක් , යතුරුපැදි දෙකක් , කුඩා ප්‍රමාණයේ ලොරි රථයක්, පවුම් පනහක් වටිනා රන් භාණ්ඩ තොගයක්, මුදලින් 1,23,000, පර්චස් දහයක ඉඩම් තුනක් විමර්ශනය නිලධාරීන් සොයාගෙන තිබේ,
මෙම වැටලීම නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය, විශේෂ කාර්ය බළකාය හා කහතුඩුව පොලිසිය එක්ව සිදුකර තිබූණි.
ආමි අසංක නමැත්තා යුද හමුදා වේ සේවය කරද්දී වැඩ තහනමකට ලක්ව පෙදරේරුවකු ලෙස සේවය කරමින් සිටියදී මත්ද්‍රව්‍ය ජාවාරමට යොමු වී මෙසේ අයථා වත්කම් උපයාගෙන ඇති බවට විමර්ශන නිලධාරීන් අනාවරණය කරගෙන තිබේ.

(ඡායාරුප ශාන්ත කුලරත්න )
;


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මත් ද්‍රව්‍ය වලින් රටක් ජාතියක් වැනසෙනවා.ඒවාට තිත තැබිය යුතුමයි.ඒත්,පසුගිය කාලේ හිටපු රාජ්‍ය නායකයන් හා ඇතැම් පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හා සම්බන්ධ අපමණ චෝදනා පාර්ලිමේන්තුවෙන්ම නැගුණා.ඒත්,ඒවා ගැන වගේ වගක් නැහැ.ඇස් කන් වසාගෙන ඉන්නවා.නීතිය ලොකු පොඩි කොයි කාටත් එකසේ සමානව ක්‍රියාත්මක විය යුතුයි නේද ?
කොහෙඳ මෙ කියල කිව්වොත් තව තව කඩල් හොය ගන්න පහසු වෙවි. ඔබතුමාලාට, ප්‍රදේශයත් ප්‍රසිද්ධ කරන්න.
දැන්... මේ නෝනත් ආයුධ පෙන්නන්න එක්කං යනවද??
හොඳ වැඩක්. වක්කඩේ පිටින් මඩ බඳින්න කලින් ඔය මහා පරිමාණයෙන් ලංකාවට කුඩු වර්ග ගෙන්වන ලොකු ලොකු මෝරුන් අල්ලගන්න මොනවා හරි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කලොත් නේද වැඩිය හොඳ ?
නියමයි. හැබැයි මෙයා පිටිපස්සෙන් ඉන්න අයත් ඇල්ලුවොත් තමයි වැඩේ පංකාදු !!!
දේශපාලකයෝ පොහොසත් වෙලා තියෙන්නේ කොහොමද හොයන්න පොලිසිය්ටා බෑ .උන්ට බයයි .ලැජ්ජා නැති පොලිස්