
(යොහාන් භාසුර)
කොළඹ නගරයේ කඩයකට හෝ කුටියකට පදික වේදිකාවේ ඉඩ නොමැති බවත් කොළඹ නගරාධිපතිවරයා ලෙස කිසිඳු අවස්ථාවක දේශපාලන බලය හෝ වෙනත් බලයකට එවැනි ඉදිරිකිරීම්වලට අවස්ථාව නොදෙන බවත් කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී ව්රායි කැලි බල්තසාර් මහත්මිය පැවසුවාය.
කොළඹ නගර සභා ශ්රවණාගාරයේදී පැවැති එම නගර සභාවේ ඔක්තෝබර් මස සභා රැස්වීමේදී නගරාධිපතිනී ව්රායි කැලි බල්තසාර් මහත්මිය එසේ පැවසුවාය.
කොළඹ නගරයේ පදිකවේදිකාවේ කඩ සහ වෙනත් ඉදිකිරීම් කිරීම නිසා ජනතාව මහ පාරේ ගමන් කිරීමට සිදුව ඇති බවත් ජනතාව මහ පාරේ ගමන් කරද්දී කිසියම් අනතුරක් වුවහොත් එහි වගකීම ද නගර සභාවට යොමුවන බවත් නගරයේ ඇති එවැනි ඉදිකිරීම් සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාව ලැබුණු වාහාම ඒ පිළිබඳව පියවර ගන්නා බවත් නගරාධිපතිනිය පැවසුවාය.
කොළඹ නතර මෙම තත්වය දිස්ත්රික් කමිටු රැස්වීමකදී නගරයේ අලංකාරය සම්බන්ධයෙන් කථා කළ බවත් පදිවේදිකාවේ රැකියාව කරන ජනතාවට තැනක් දීලා එම තත්වයට පියවර ගන්න එහිදී අවදානය යොමු වූ බවත් ඇය පැවසුවාය.
සමඟි ජනබලවේගයේ මන්ත්රී චමින්ද අලුත්ගෙදර මහතා සභාවට ඉදිරිපත් කළ පහත ගැටලුවට නගරාධිපතිනී ව්රායි කැලි බල්තසාර් මහත්මිය එසේ පිළිතුරු පැපවූවාය.
එහිදී මන්ත්රී චමින්ද අලුත්ගෙදර මහතා මෙසේ ගැටලුව ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ විතරක් නෙමෙයි මුළු ලංකාවෙම අනවසර වෙළඳාම, ජනතාවට හිරිහැර වෙළඳාම් නැවැත්විය යුතුමයි. ඒ වගේම අනවසර ඉදිකිරීම්.
එඩිතරව දේශපාලන වාසි නොතකා මේ වැනි නිර්භීත පියවරක් ගන්න... මෙතෙක් කිසිදු රජයකට නොහැකි වුනේ ඡන්ද නැතිවේවි කියන බියට... අපේ අග නගරය පිළිවෙලට ලස්සනට ගොඩනගන්න ප්රමාද වැඩියි... ලෝකයේ සංචාරකයින් දන් ලංකාවට ආකර්ෂණය වෙලා ඉන්නේ.. හැකි ඉක්මණින් මේ යෝජනා ක්රියාත්මක කරන්න.
500% එකඟයි
නවම් මාවතේ ඔයවගේ තැනක් තියනවා... පදික වේදිකාව අල්ලලා කඩයක් දාලා... ඒ මදිවට මල් පෝච්චිත් තියලා... පදික වේදිකාවේ මේවා දැනුම් දෙන්න මොකක්හරි ක්රමයව්දයක් හදන්න.
පිටකොටුව බෝධිය ලඟ මාකට් එක අයිනේ පළතුරු කඩ ටික මුලු පේමන්ට් එකම අල්ලාගෙන. එතැන මිනිස්සුන්ට යන්න විදියක් නෑ.
Pakeer හරියටම හරි අවිස්සාවේල්ල (සීතාවක නගර බල ප්රදේශයේ කෑගල්ල පාරේ එක්තරා රෙදි කඩයක් තියෙන්නේ පිරිවෙන ඉදිරියෙන්... එය ඉදිකළ කාලයේ පහළම වාහන නැවතීමේ පහසුකම් තිබුණා... දැන් ඒවායේත් වෙළදාම කරනවා වාහන නවතන්න තැනක් නැහැ පාරෙ අනෙක් පැත්තෙත් එහෙම්මයි... ඊළගට රත්නපුර දෙසට යනවිට ඇහැලියගොඩට නගරෙ ගොඩනැගිලි සැලසුම්වල පාකින් වලට ඇති කොටස් සියල්ලේම වෙළදාම කරනවා. නගරයේ ප්රාද්ශීය සභාව ඉදිරිපිට පංසලට යාබද කඩේ පේමන්ට් එකේ පවා බඩු දාලා. පාකින් ඇතිව අනුමත කළ සැලසුම්වල දැන් නීතී කඩා පාකින් වහලා සමහර කඩවල පේමන්ට් එකත් අල්ලාගෙන ඉන්නවා. එහෙම කඩවල් රාශියක් දකින්න ලැබෙනවා... ඊළගට කුරුවිටදී ටිකක් ඉඩ තිබුණත් රත්නපුර ප්රදේශයෙත් ඇලෝසියස් විද්යාල පාරේ ඔරලෝසු කණුව අසල යන්නම බැහැ... ඔය ගමන්ම මාර්ග බාධක ලෙසට වාහන නැවතීමට නොහැකි පදිකවල මාර්ග සංධිවල අටවාගෙන තියෙන ත්රිවිලර් නැවතුම් පොලවල් ගැනත් යමක් කරනවා නම් රටටම යහපතක් වේවි...