(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය මැඩපැවැත්වීමේ ‘යුක්තිය‘ මෙහෙයුම යටතේ ඊයේ (18 ) උදෑසන සිට අද(19) උදෑසන දක්වා ගතවූ පැය 24 තුළ විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් වාහන 9 ක් සහ එක් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් වාහන ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කර එම නියෝග මත රාජසන්තක කරන බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන කිහිපයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ වමර්ශනවලදී වෑන් රථ 2 ක්, කාර් රථ 4 ක්, ලොරි රථ 2 ක් සහ යතුරු පැදියක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් දේපල වල වටිනාකම ලක්ෂ 680 කට ආසන්න බවට අනාවරණය වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදි.ලී,වැලි,හරක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරන වාහනත් මහා වනාන්තර නීතිවිරෝධීව එලිපෙහෙලි කරන බැකෝ යන්ත්‍රත් රාජ සන්තක කරන්න