
(එම්.සුසිල් ප්‍රියන්ත)
අපේ රටේ ගග මැද පිහිටා ඇති එකම විහාරස්ථානය වන බලපිටිය මාදු ගග මැද පිහිටි කොත්දූව රජ මහා විහාරස්ථානයේ කඨින චීවර පූජා පිංකම අද (21) අලුයම් කාලයේදී විහාරාධිපති කුඩාගල අභයරතන හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
කඨින චීවරය රැගත් පෙරහර අද (21) අලුයම් කාලයේදී කොත්දූව රජ මහා වෙහෙර වටා මාදු ගගේ ඔරු, පාරු හා බෝට්ටුවලින් සංචාරය කිරීම සිදු කෙරිණි.
ගොක් කොළවලින් සරසා තිබූ කොත්දූව රජ මහා වෙහෙරට අයත් මෝටර් බෝට්ටුවකින් කඨින චීවරය මාදු ගගේ සංචාරය කෙරුණු අතර එය විහාරාධිකාරී ඕමත්තේ පඥ්ඥාකිත්ති හිමියන් ධාවනය කිරීමද විශේෂත්වයකි.
කඨින චීවරය සඝ සතු කිරීම මාදු ගග මැද මෝටර් බෝට්ටුවක් තුළ ද මහා සංඝයා දානය සදහා වැඩම කරවිමද ඔරු,පාරු හා මෝටර් බෝට්ටු මගින් අද (21) දහවල් සිදු කෙරේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර නම් පංසල් හා විහාර සීමා තිබුණා... ඒත් දැන් එම සීමා කඩාගෙන මුදල් ඉපැයීම කරන්න කඨින වස්ත්‍රය අරගෙන හැමතැනම යනවා තවත් කාලයක් ගතවනවිට එක් එක් දායක සභාවේ බලපුළුවන්කාරකමට හා හාමුදුරුවන්ගේ බලයෙන් ශාසනයේ විනය නැත්තටම නැතිවේද කියලා ශාසනයට ලැදි අපිට බයකුත් නැතුවා නොවෙයි. ඔය විහාරයේ නම් එහෙම නැහැ කියලා හිතෙනවා. ඒත් රටේ මුදල් පස්සේ යන කඨින වස්ත්‍රය හිසේ තබාගත්තාම සියලු රැකවරණය ලැබෙනවා කියලා හිතාගෙන විනය කැඩීම නම් භයානකයි කියලා කියන්න පුළුවන්... මේවා ගැන මහානායක හාමුදුරුවන්ගේ අවධානයට යොමුවේවා...!