IMG-LOGO watawala

2024 මැයි මස 21 වන අඟහරුවාදා


කට්ටි පැන්න කොන්ත්‍රාත්කාරයන්ට කෝටි හතක් පුදලා

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවී ඇතැයි පැවසෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට  පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) තීරණය කර ඇත.

එසේම එම විශ්ව විද්‍යාලයේ පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකිරීම කොන්ත්‍රාත්කරුවන් පැහැර හැර සිටියදී  කෝටි හතකට වැඩි මුදලක්‌ අත්තිකාරම් බැඳුම්කරයක් ලබාදීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස කෝප් කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට නිර්දේශ කළේය.

එම ගොඩනැගිල්ලේ කොන්ත්‍රාත් වටිනාකම කෝටි 31ක් බව එහිදී සඳහන් විය.

පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති රෝහිත අබේගුණවර්ධන  මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී  පසුගිය 8 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය



අදහස් (2)

කට්ටි පැන්න කොන්ත්‍රාත්කාරයන්ට කෝටි හතක් පුදලා

සෙනෙවිරත්න Saturday, 11 May 2024 05:20 AM

ජෙප්පන්ගේත් ජෙප්පන්ගේ ශිෂ්‍ය සංගම්වලත් කෙරුවාවන් තමයි ඔය, ඔය හොර කොන්ත්‍රාත් කාරයෝ රකින්න තමයි උද්ඝෝෂණ කරන්නේ. ළමයි දෙන දෙයක් කාල ඉන්න තැනක ලැගලා ඉගෙන ගන්නේ නැතිව ඔය කොන්ත්‍රාත් කාරයෝ රකින්න සටන් කරනවා...!

:       1       0

සෙනෙවිරත්න Saturday, 11 May 2024 05:22 AM

ලෝකයේ පළමු වරට අරුම පුදුම දිවයිනේ සොරෙකුට එරෙහිව සොරෙක් කටයුතු කරයි. මේවා ඇස්බැන්දුම් අවසානයේ වෙන දෙයක් නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

කළුතර වෙඩි තැබීමකින් තිදරු පියා මරුට:දියණියට තුවාල
2024 මැයි මස 20 940 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.


සුළඟින් ගම්පහ තොරණට හානි
2024 මැයි මස 20 510 0

ගම්පහ ප්‍රදේශය හරහා හඹා ගිය තද සුළං තත්ත්වයක් හේතුවෙන් අස්ගිරිය ඇනිකට් හන්දිය අසල ඉදිකරමින් තිබූ වෙසක් තොරණට දැඩි ලෙස හානි සිදුව තිබිණි.


ලංකාවේ අයි.එස් 4ක් ඉන්දියාවේදී අල්ලයි
2024 මැයි මස 20 448 0

පාකිස්තාන බාරකරුවන් පැමිණ රාජකාරී සහ අවි ලබාදෙන තෙක් අහමදාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ රැඳී සිටි අයිඑස් ත්‍රස්තවාදීන් ලෙසින් සැලකෙන ලාංකිකයන් ස


ඉරාන ජනපති අභාවයට හෙට ශෝක දිනයක් කරයි
2024 මැයි මස 20 730 0

ඉරාන ජනාධිපති ඊබ්‍රාහිම් රයිසි මහතාගේ අභාවයට ශෝකය පළකිරීම සඳහා ශ්‍රී ලංකා රජය හෙට (21) ශෝක දිනයක් ලෙස නම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ පවසයි.


අනධ්‍යයන සේවක වර්ජනයෙන් උපාධි උත්සවත් කඩාකප්පල්
2024 මැයි මස 20 323 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන්ගේ වැඩ වර්ජනය හේතුවෙන් විශ්ව විද්‍යාල කීපයකම උපාධි ප්‍රදානෝත්සව දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.


ලංකා - ඉන්දුනීසියා නායකයෝ හමු වෙති
2024 මැයි මස 20 171 0

ඉන්දූනිසියාවේ බාලි අගනුවර පැවත්වෙන 10 වැනි ලෝක ජල සමුළුවට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනිසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝ (Joko Widodo) මහතා අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 839 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2381 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2042 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site