IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කොටස් වෙළෙඳපොළ පාසල් පොතට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

කොටස් වෙළඳපොළ  ආයෝජයනය  6 ශ්‍රේණියේ සිට පාසල් විෂය නිර්දේශයට  ඇතුළත් කිරීමට  කටයුතු කෙරෙමින් පවතින බව ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.

ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (19) වැනිදා පාර්ලිමේන්තුවේදී  රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ   ප්‍රධානීහු එදින එම කාරක  සභාව හමුවට කැඳවනු ලැබ සිටියහ. කොළඹ කොටස් වෙළඳපොළ ප්‍රගතිය වර්ධනය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව එහිදී   කාරක සභාවේ  අවධානය යොමුවිය.

කොටස් වෙළඳපොළ ආයෝජනයන් හා ක්‍රියාකාරීව සම්බන්ධවන ආයෝජකයන් සංඛ්‍යාව පිළිබඳව සෑහීමකට පත් විය නොහැකි බව  ඊට සහභාගිවූ නිලධාරීහු පෙන්වා දුන්හ.  මෙහිදී  නිලධාරීන් අමතමින් කාරක සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේ රටේ දළජාතික නිෂ්පාදනයට වැඩි බලපෑමක් ඇති ක්ෂේත්‍ර හඳුනාගෙන ඒවායෙන් වැඩි දායකත්වයක් රටේ ආර්ථිකයට ලැබෙන ආකාරයෙන් උපාය මාර්ගික සැලසුමක් සකස් කිරීම ඉතා වැදගත් බවයි.

 



අදහස් (6)

කොටස් වෙළෙඳපොළ පාසල් පොතට

sam Monday, 01 July 2024 12:23 PM

අපේ හාමුදුරුවනේ, ලිංගික අධ්‍යාපනයට විරුද්ධ වුණා වගේ මේකටත් විරුද්ධ වෙන්න. කොටස් වෙළඳපොළ කියන්නේ සූදුවක්...!

:       5       3

SACHITH Monday, 01 July 2024 12:53 PM

ඉතාම හොඳ තීරණයක්, මේවාගේ දේවල් ගැන හොඳ අවබෝධයක් තියෙන එක හොඳයි පොඩි වයසේ ඉදලාම

:       5       8

BALANGODA Monday, 01 July 2024 12:56 PM

මේ මිනිහත් ප්‍රසිද්ධ වෙන්න ලොකු දැඟලිල්ලක් තියෙන කෙනෙක් . කොටස්වෙළඳපොළ ගැන උගන්වන්න ඕනේ පාසලේ උසස්පෙළ පන්තිවලදී . ඊට වැඩිය නරකද උන්නැහේ ළමයින්ට සාමාන්‍ය නිතිය ගැන එහෙම නැත්නම් විනය ගරුකව හැසිරීමේ වැදගත්කම. සහකම්පනය වගේ දේවල් ඔයවගේ පොඩි පන්තිවල ළමුන්ට ඉගැන්නුවොත් ?

:       2       13

Chandanie Monday, 01 July 2024 05:32 PM

අපි ගමේ සාමාන්‍ය පෙළ විභාගය කල කාලයේ අපේ පාසල් වල තිබුනේ අංක ගණිතය කියලා විෂයයක් පමණයි. ඉතින් ජේ.ඊ ජයසූරිය මැතිතුමා ලියූ අංක ගණිතය පොත තනිවම කියවා තේරුම් ගෙන තමයි විභාගය ලිව්වේ. පාසලේදී ඉගැන්වීම උසස්ම අන්දමින් තිබුණා වුණත් ජයසූරිය පොතේ ආකාරයට ස්වයං අධ්‍යාපනය හරිම පහසුයි... උදාහරණයක් පැහැදිලි කර ගණන් ප්‍රමාණයක් හදන්න අනුබල දීම එමගින් සිදුවුණා. එම පොතේ කොටස් වෙළඳාම ගැන තරමක් පැහැදිලි කර තිබුණා. එය ව්‍යාපාර වස්තු ලෙසට තමයි තිබුණේ... ඇත්තටම ගණිතය විෂය වෙනුවෙන් හා ආර්ථික විද්‍යාව මගින් දරුවන්ට එම දැනුම දෙනවා නම් ඉතාමත් හොඳයි. මන්ත්‍රිතුමා කළ යෝජනාව ඉතාමත් කාලෝචිත එකක් කියන්න පුළුවන්. තවත් එකක් මම කොළඹ කොටස් වෙළඳපොළ වැඩ සටහන් කීපයක් සඳහා සහභාගි වෙලා තියෙනවා. ඒත් ඉතින් එය කරන ආකාරය ප්‍රායෝගිකවම ලබාදෙන දැනුම නම් ප්‍රමාණවත් නැහැ. අඩුම ඔන්ලයින් මගින් සහන මිලකට අවශ්‍ය අයට පාඨමාලා කරන්න පුළුවන් නම් ඉතාමත් හොඳයි. නිදහස් අධ්‍යාපනය යටතේ උගන්වා රැකියා සපයා විදෙස්ගත කිරීමට වඩා මෙවැනි පාඨමාලා ආරම්භ කර රටේ සංවර්ධනය කරන්න පුළුවන් නම් හොඳයි...

:       3       2

සමන් Monday, 01 July 2024 08:58 PM

මෙහෙමත් පිස්සො ටිකක්. 6 වසරේ ළමයින්ට දරාගන්න පුළුවන් ප්‍රමාණයක් විෂය නිර්දේශයට ඇතුළු කළොත් ඔවුන් හොඳින් ඉගෙන ගනියි. කොටස් වෙළඳපලට විතරක් නෙවෙයි. ව්‍යාපාර කරන්නවත් මිනිස්සු නොඑන්නේ ඒ සඳහා සුදුසු පරිසරයක් නැති නිසා. අනවශ්‍ය බදු, දේශපාලුවන්ගේ පගා, කප්පම් කරුවන්ගේ කප්පම්, රේගු නිලධාරින්ගේ පගා ආදිය නැනැත්තුවොත් ඔය සේරම හරි..., මේ බූරු වැඩ නොකර...

:       0       0

ශිරෝමි Monday, 01 July 2024 10:31 PM

මම 1982දී සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන්නේ. අපි 9 හරි 10 ශ්‍රේණියේ ඉගෙන ගන්න කාලේ කොටස් සහ ව්‍යාපාර වස්තු ගැන ගණිතයේදී ඉගෙන ගත්තා. අපිට අංක ගණිතය, වීජ ගණිතය සහ ජ්‍යාමිතිය යන ගණිත වර්ග තුනම පාසලේ උගැන්වුවා වගේම සාමාන්‍ය පෙළ විභාගයට ඔය තුන් අංශයෙන්ම ගණිතය ප්‍රශ්න පත්‍රය සමන්විත වුණා. මට හොඳට මතකයි කොටස් සහ ව්‍යාපාර වස්තු සම්බන්ධ ප්‍රශ්නයක් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ තිබුණා කියලා.එතකොට මේ ඒ දේවල් උගන්වන පළවන වතාව නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 551 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site