(ආර්.එෆ්.එම්.සුහෙල්)
දුම්රියෙන් කොළඹ කොටුවට එලවළු ප්‍රවාහනය කිරිමේ කටයුතු වසර 23 කට පසු ඊයේ දින පස්වරුවේ ආරම්භ කළ බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුවේ සහ නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැයෙන් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙලද සහ අලෙවි අංශය විසින් දුම්රියෙන් එලවළු ප්‍රවාහනය කිරිම සදහා විශේෂ මැදිරි පහක් සකස් කර ඇත.
නියමු ව්‍යාපෘතියක් වශයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දක්වා එලවළු ප්‍රවාහනය ආරම්භ කළ අතර , එම විශේෂ දුම්රිය රාත්‍රි 12.30 ට කොළඹ කොටුව වෙත ළගා විමට නියමිතය.
කොළඹ පිහිටි සුපිරි වෙලදසැල්වලට සහ මැනිං වෙළෙදපොල වෙත අවශ්‍ය එලවළු තොග එම දුම්රියෙන් ප්‍රවාහනය කළ අතර , එම දුම්රියෙන් මගින්ට ගමන් කිරිමට අවස්තාව නොලැබෙන බවත්, සිඝ්‍රගාමි දුම්රියක් ලෙස මෙය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තුමේන්තුවේ වෙළෙ සහ අලෙවි අංශයේ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි අසංක සමරසිහ මහතා කියා සිටියේ.
තවද රටේ පවතින ඉන්ධන අර්බුධයට මේ තුලින් විසදුමක් ලැබෙන බවත්, මෙම ව්‍යාපෘතියේ පවතින අඩුපාඩුකම් සොයා බලා ලබන වසරේ මුල් මාසයේ සිට මෙම දුම්රිය අඛණ්ඩව පවත්වාගෙන යන බවයි නියෝජ්‍ය සමාන්‍යාධිකාරිවරයා කියා සිටියේ.
උඩරට ප්‍රදේශයේ වගා කරන එලවළු , මල් සහ පලතුරු මෙම විශේෂ දුම්රිය මගින් ප්‍රවාහනය කිරිමට බලාපොරොත්තු වන බවත්, නුවරඑලියට අමතරව බණ්ඩාරවෙල , වැලිමඩ යන ප්‍රදේශවල වගා කරන එලවළු , පලතුරු සහ මල් ප්‍රවාහනය කිරිමටත් , නානුඔය දුම්රිය ස්ථානයේ සිට සැම දුම්රිය ස්ථානයකටම ප්‍රවාහන සදහා භාර දෙන එලවළු ,පලතුරු සහ මල් මෙම දුම්රිය මගින් ප්‍රවාහනය කිරිමට පියවර ගන්නා බව නානුඔය දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක විරසිංහ මහතා පැවසිය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කොටුවෙන්ම කොච්චියට කෝච්චියෙන් කොටුවට
Prabha Wednesday, 28 December 2022 01:53 PM
ඇට ටික කෝච්චියේ හිටවපුවාම කොළඹ එනකොට ගෙඩි හැදිලා තියෙයි.
NimalWednesday, 28 December 2022 05:38 PM
එළවළු, පලතුරු සහ මල් ප්‍රවාහනය දුම්රියට යොදාගැනීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාව අගය කළයුතු වෙමු.
PereraWednesday, 28 December 2022 06:33 PM
මෙය ජේවීපී එකේ අදහසක්...!
Prabha Wednesday, 28 December 2022 07:51 PM
ඒත් ඉතින් අපේ දුම්රිය කවද්ද වෙලාවට ආවේ...? අද එන්න තියන එක එන්නේ හෙට...
NimalWednesday, 28 December 2022 08:47 PM
ජේවීපී පක්ෂයේ ගැටලුවත් ඒකම තමයි, කියවනවා විතරයි. ක්‍රියාත්මක කරන්න බැහැ.
ජයන්තThursday, 29 December 2022 11:27 AM
කෝරෝනා කාලේ ඉදල නාමල් කරුණාරත්න මේ විදිහට එළවලු ප්‍රවාහනය කරපල්ලා කීවා. ආණ්ඩුවට උපරිම බලපෑම් කලා. කන් ඇහුනේ නෑ වගේ හිටියා. යාන්තන් දැන් පයිලට් ප්‍රෝජෙක්ට් එකක් විදිහට කරනවා.
NimalWednesday, 28 December 2022 08:50 PM
පහතරට ජීවත්වන උඩරට එළවළු ආහාරයට ගන්නා අයගේ සෘණාත්මක අදහස් සහ උඩරට ගොවීන්ගේ ධනාත්මක අදහස් අතර වෙනසක් තිබේ...
චමින්ද Thursday, 29 December 2022 05:29 AM
යමක් හරියට කියවන්නෙ නැතුව දේශපාලන කණ්නාඩිය දමාගෙන කොටනවානේද මෙම ව්‍යාපෘති මෙයට අවුරුදු 23 කට පෙර තිබුන එකක් එතකොට ඒක නවතා තියෙන්නෙ 1999 පමණ කාලයේ තමයි එකල චන්ද්‍රිකා ආණ්ඩුව තමයි තිබුනෙ .ඒ කට්ටිය කෝච්චියට අකමැතියි ලොරිහිමියන්ට වාසියට මේවා කරනවා.එයින් අධිකව ඉන්ධන වැයවුනත් රැකියා විසදීමට බලාපොරොත්තුව ඇති .සමගි පෙරමුණේ රජයත් කැළනිවැලි දුම්රිය මාර්ගය වසා දැම්මෙත් ලොරිහිමියන්ට උපකාරී කරන්න තමයි
හෙඩ්ලයින් Wednesday, 28 December 2022 02:30 PM
වැඩේ නම් පොඩි කාලයයි.... හෙඩිම නම් විශිෂ්ටයි....
දිමුත්Thursday, 29 December 2022 10:37 AM
මේක අගය කළයුතු වැඩක්...!
wicky Wednesday, 28 December 2022 03:12 PM
හරියට කළොත් එළවළුවල මිල අඩුවෙනවා. නමුත් මේ සියල්ල ලොරි මුදලාලිලාට යටයි. ඕකට ඒ සෙට් එක මොකක් හරිම අන්චියක් අදියි.. සරලයි...
සුරංග Wednesday, 28 December 2022 04:19 PM
ඉන්ධන වියදම් කොපමණ වුනත් ලොරි හිමියො මෙ වැඩේට නම් අංචියක් අදිනවාමයි.මොකද දේශපාලන සම්බන්ධ ලොරිහිමියො හා මැණික් කාරයො තම තමන්ගෙ ලාභ ප්‍රයෝජනයට කැළනිවැලි දුම්රිය මාර්ගය අවිස්සාවේල්ල සිට ඕපනායක දක්වා කොටස වසා දැම්මා වාහන බලපත්‍ර තියෙන නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ දුම්රියේ නොගිය දේශපාලුවො ඇති කියලා හිතෙනවා ලොරි හිමියන්ට හැකියාව තියෙනවා නම් සමස්ත ලංකාවෙම දුම්රිය මාර්ග වසා දැමීමට කටයුතු කරාවි කැළනිවැලි මාර්ගය වැසුවාට පසුව ආහාර දෙපාර්තමේන්තු කොන්ත්‍රාත් සියල්ලම කලේ ලොරි හිමියන්ගේ සංගමයක් තමයි දැන් නම් ඉතින් ආහාර දෙපාර්තමේන්තුව වහලා නිසා සංගමේ අය මොකද කරන්නෙ කියලා දන්නෙ නැහැ
fairoos Wednesday, 28 December 2022 03:46 PM
අප්පෝ කොළඹට ඇවිල්ල තියන එලවලු තොග ටිකද ඔක? පෙට්ට් පහක්? මෙහමත් ගොය්යො අනේද කියන්නෙ
හෝටල් සම්පත් Wednesday, 28 December 2022 04:00 PM
ඔබේ බත්පතට එන එළවලු ව්‍යාංජන තව පැය දෙකක් ප්‍රමාදවන බව කරුනාවෙන් සළකන්න..
Ruhunu Wednesday, 28 December 2022 04:40 PM
හැමදාම කොච්චි මග නවතිනවනෙ. ඔක ලියන්න "කොච්චියෙන් කුනු ගොඩට කියල."
Sunil Wednesday, 28 December 2022 05:01 PM
විකාර... වැඩිම වුණොත් ඔය සේවය මාසයක් තියෙයි..
Perera Wednesday, 28 December 2022 06:31 PM
අවුරුදු 45ක දේශපාලන ජීවිතයේදී මෙයා කරපු සාර්ථක වුණු එක දෙයක් ගැන කියන්න. මේකත් නිකන් පුස්වෙඩිල්ලක් කියලා පැහැදිලි වෙයි.
Indika Wednesday, 28 December 2022 06:32 PM
හෙට මාධ්‍ය හමුවක් තියයි... එළවළු, පලතුරු ප්‍රවාහන ලොරි හිමියන්ගේ සංගමේ කියලා එකක් අටවාගෙන.. තියලා කියයි අපේ රැකියා අනතුරේ…. සේවකයන් අනාථ වෙලා කියලා... පස්සේ මේකට විපක්ෂය සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ලොරි අයිති සෙට් එක (බහුතරයක් ඉන්නේ දේශපාලන හෙන්චයියන්) එළවළු වගාකරන මිනිස්සුන්ට ටිකක් වැඩිපුර ගානක් දෙයි.. පගාවක් කෝච්චියට එළවලු දෙන්න එපා කියලා… ටික කාලෙකින් මේ වැඩේ පාඩුයි කියලා නතර වෙනවා.. මෙහෙම තමයි මේ රටේ හාල් මාෆියාව, පුද්ගලික බස් මාෆියාව, නිර්මාණය වුණේ..
wickyThursday, 29 December 2022 09:12 AM
ආයෙ ඔක මාසයක් දිව්වොත් ලොකු දෙයක්.
sumith Wednesday, 28 December 2022 07:29 PM
ඕක ගෝඨාභය රාජපක්ෂ සිටි කාලයේ තිබූ අදහසක්...
Bandula Alwis Thursday, 29 December 2022 09:29 PM
අපෝයි ඔව් . ගොටාබය අවු.2 ට රටට කරපු විනාශය හොදටම ඇති .
Saman Thursday, 29 December 2022 07:42 AM
ඕකට මේතරම් කාලයක් බලාසිටියේ රනිල් කියන කම්ද? දුම්රිය දෙපාර්තමේන්තුවේ අයට මොලයක් කියලා දෙයක් නැද්ද?. කවුරුවත් කියන නිසා පටන්ගත්තා නම් ඕකත් ඉබේම නතර වෙයි...