







ළහිරු හර්ෂණ
කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිට වන සියලුම දුම්රිය මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා ඊට සුදුසු තාප සංවේදී කැමරා උපකරණ සවි කිරීම අද(09) සිදු කෙරිණි.
කොරෝනා වයිරසය ව්‍යාප්තවීමෙන් පසුව නිරෝධායන නීතිවලට අනූව රජයේ සහ පෞද්ගලික අංශයේ සේවාන් සදුදා(11) ආරම්භ කිරීමට නියමිත අතර රැකියාවන් හා සේවාවන් ලබාගැනීම සදහා පැමිනෙන පිරිසගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරිමට මෙම උපකරණට සවි කෙරිණි.
එහිදී උෂ්ණත්වය වැඩි පුද්ගලයින් මෙම උපකරණය මගින් හඳුනාගැනේ. ඉන්පසුව ඔවුන් සෞඛ්‍ය අංශ වෙත යොමුකරනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන්තොටෙත් මෙවා තිබ්බා.. එක්කෙනෙක්වත් අහු වුණාද?
ගුවන් තොටුපලෙත් උෂ්නත්ව මැන මැන හිටියා නේද මාර්තු මුල් කාලෙ..? එක ආසාධිතයෙක්වත් අහුවුණාද?
විජිත් , ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා අගය කොට අපි සලකමු .
මේවාට කියන්නේ විහිළු සපයනවා කියලයි. යන අය චෙක් කරන්නේ කවුද?
මේ අයට පිටරටින් ලැබුනු ප්‍රකෝටි ගණන් වලට යන්තම් මැෂිමක් අරන් තිබ්බා.
විජිත් ඔබගේ ප්‍රකාශය, නුවන්ගේ අදහසට පිළිතුරක් නොවුණත්, තාක්ෂණික පැහැදිලි කිරීම ඉහළින් අගය කරමි.
ලංකාදීප ඔන්ලයින් පටන් ගත්ත කාලයේ විජිත් සෑම සඳුදා දිනයකදීම තාක්ෂණික සහ ඉංජිනේරු කර්මාන්තයේදී අපට නිතරම වදදෙන ප්‍රශ්න ගොඩකට විසදුම් ලබාදුන්නා. මට මතකයි ජලකර බෝම්බය ගැන සුමාන ගණනක් පිළිතුරු දුන්න. ඉතින් ඔබට හැකි (අපි දන්නවා ඔබ ඉතාමත්ම අවිවේකි කෙනෙක් බව) අවස්ථාවල අපිට යමක් පැහැදිලි කරලා දෙන්න ඔබට ශක්තිය ලැබේවා...
ඔය කියන. සන්වේදි කැමරාවක කිසියම් තාක්ෂනිකව... පළුදු වීමක් හෝ කිසියම් විදියකින් අපේක්ෂිත කාරණාව ඉටුනොවෙයි නම් හෝ විජිත් මහත්මයාගෙ පැහැදිලි කිරීම ඵලදායි වෙන්න පුළුවන් බවයි මගේ අදහස . කරුණාකර මා වැරදි නම් නිවැරදි කරන්න .
කැමරා නෙවේ දැන් උවමනාව.