IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


කොටුව දුම්රියපොළේ තාප සංවේදී කැමරා උපකරණ සවිකරයි




ළහිරු හර්ෂණ

කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිට වන සියලුම දුම්රිය මගීන්ගේ ශරීර උෂ්ණත්වය පරික්ෂා කිරීම සඳහා ඊට සුදුසු තාප සංවේදී  කැමරා උපකරණ සවි කිරීම අද(09) සිදු කෙරිණි.

කොරෝනා වයිරසය ව්‍යාප්තවීමෙන් පසුව නිරෝධායන නීතිවලට අනූව රජයේ සහ පෞද්ගලික අංශයේ සේවාන් සදුදා(11) ආරම්භ කිරීමට නියමිත අතර රැකියාවන් හා සේවාවන් ලබාගැනීම සදහා  පැමිනෙන පිරිසගේ ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරිමට මෙම උපකරණට සවි කෙරිණි.

එහිදී උෂ්ණත්වය වැඩි පුද්ගලයින් මෙම උපකරණය මගින් හඳුනාගැනේ. ඉන්පසුව ඔවුන් සෞඛ්‍ය අංශ වෙත යොමුකරනු ලැබේ.
 



අදහස් (18)

කොටුව දුම්රියපොළේ තාප සංවේදී කැමරා උපකරණ සවිකරයි

nuwan Saturday, 09 May 2020 02:29 PM

ගුවන්තොටෙත් මෙවා තිබ්බා.. එක්කෙනෙක්වත් අහු වුණාද?

:       24       77

විජිත්Saturday, 09 May 2020 04:42 PM

නුවන් මල්ලි, ඔයාගේ වචන 6 ක කොමෙන්ට් එකෙන් පැය ගණනක විස්තරයක් කරන්න මට අවස්ථාවක් ලැබුනා.නමුත් මම මේ ගැන කෙටියෙන් කියන්නම්. අපි මේ තාප සංවේදී කැමරා වලදී යොදාගන්නේ ඉන්ෆ්‍රාරෙඩ් විකිරණයයි.ඒ විකිරණ " කලාපය "අපට පෙනෙන්නේ නැතිවුනාට අපට " දැනෙනවා". ඒකියන්නේ තාපය එක තැනක සිට තවත් තැනකට ගමන් කරන ක්‍රම 3 න් එකක් තමයි විකිරණ මගින් ගමන්කිරීම. තාපය ඉන්ෆ්‍රාරෙඩ් කිරණ විදිහට ගමන් කරද්දී වහාම ' අහුලා ගැනීම ' තමයි මේ කැමරාවලට සම්බන්ධ ඉන්ෆ්‍රාරෙඩ් සංවේදක වලින් කරන්නේ. තාපය උෂ්ණත්වය විදිහට "අහුලාගැනීමේ" හැකියාව මේ සංවේදක වල නිරවද්‍යතාවය මත රඳා පවතිනවා. ඒ නිරවද්‍යතාවය ..භාණ්ඩයේ මිල, භාණ්ඩයේ නිෂ්පාදන නම, සංවේදක සඳහා යොදාගන්න අර්ධ සන්නායක හෙවත් semiconductor වර්ගය..ආදිය අනුව වෙනස් වෙනවා.අපිට මේ කැමරා වල නිරවද්‍ය තාවය අපිටම පරීක්ෂාකරන්න පුළුවන්.ෆැරන්හයිට් අංශක 105 ක විතර ( සෙල්සියස් 40.5 පමණ) උණුවතුර පුරවපු බෝතලයක් ඔය කැමරා සංවේදකයක් අසලින් ඔබත් සමග අරගෙන යන ගමන් කැමරාව දෙස බලන්න.එහි පැහැය වෙනස්වුනේ නැතිනම් ඒ කැමරාව හෝ සංවේදකය ....තාක්ෂණිකව ප්‍රශ්නකාරී එකක්..හැකිනම් මෙය කරලා බලන්න ...පිළිතුර මටත් කියන්න..

:       127       173

kamalSunday, 10 May 2020 01:54 AM

තාක්ෂණය ගැන නෙමයි මෙතන ප්‍රශ්නය තියෙන්නේ. පරිපාලනේ ගැනයි. යන්නේ කොහෙද මල්ලේ පොල්....

:       77       129

NuwanSunday, 10 May 2020 05:06 AM

විජිත් අයියේ මෙතන තාක්ෂණික ප‍්‍රශ්නයක් නෙවේ තියෙන්නේ. කැමරාව කොතරම් හොද උනත් වැඩක් නැහැ කොවිඩ් 19 රෝගින්ට උණ එන්නේ නැතිව දවස් කීයක් වාහකයෙක් විදියට ඉන්න පුලුවන්ද කියන එකයි ප‍්‍රශ්නේ. ගුවන්තොටුපලෙත් උනේ ඒකයි. මේක නිකන් හිත සනසා ගැනීමක්. මුදල් නාස්තියක්.

:       7       123

sampathSunday, 10 May 2020 07:27 AM

මම අලුත් දෙයක් ඉගෙන ගත්තා. ස්තුතියි.

:       0       32

krisSunday, 10 May 2020 09:11 AM

කමල්, විජිත් මහත්මයා තාක්ෂණය ගැන අප නොදන්නා බොහෝ කරුණු කාරණා... මේ පිටුවෙන් අප දැනුවත් කරනවා. අපිත් යමක් එයින් ඉගෙන ගන්නවා. එතුමගේ දැනුවත් කිරීම් සිත්ගන්නා සුළුයි. පොඩි අතපසුවීමක් අල්ලාගෙන එතුමාගේ දැනුමට ඊරිසියා නොකරන්න.

:       0       66

chandana hewavasamSunday, 10 May 2020 10:21 AM

විජිත්, කරුණාකරලා ලින්ක් එකක් දමන්න. අපිට නොසෑහෙන තාක්ෂණික ප්‍රශ්න තියෙනවා එදිනෙදා ජීවිතයේදී පවා අපට හමුවෙන උපකරණ ගැන. ලින්ක් එකක් හරහා අපට අවශ්‍ය සියලුම විස්තර ඔබගෙන් දැනගන්න පුළුවන් නිසයි මේ ඉල්ලීම කලේ.

:       0       22

NishanMonday, 11 May 2020 12:23 AM

විජිත් බිස්නස් එකක් කරගන්න හදනවා මේ අතරේ

:       2       0

sugathSunday, 10 May 2020 11:20 AM

රෝගියා වාහකයෙක් ලෙස සිටියදී හඳුනා ගැනීමේ තාක්ෂණය තවමත් රටේ බහුලව නොමැති බැවින්, අවම වශයෙන් උණ තිබෙන අවස්ථාවේදීවත් රෝගියෙකු හඳුනා ගැනීමට මේ තාක්ෂණය උපකාරී වේ. එබැවින් නොමැති තාක්ෂණයක් ගැන දොඩවන්නේ නැතිව, මේ තිබෙන තාක්ෂණයෙන් ප්‍රයෝජන ගැනීම නුවණට හුරු බවයි මගේ අදහස...

:       0       3

Anura Saturday, 09 May 2020 03:34 PM

ගුවන් තොටුපලෙත් උෂ්නත්ව මැන මැන හිටියා නේද මාර්තු මුල් කාලෙ..? එක ආසාධිතයෙක්වත් අහුවුණාද?

:       6       59

vidya Saturday, 09 May 2020 06:06 PM

විජිත් , ඔබතුමාගේ පැහැදිලි කිරීම ඉතා අගය කොට අපි සලකමු .

:       82       118

banda Saturday, 09 May 2020 09:27 PM

මේවාට කියන්නේ විහිළු සපයනවා කියලයි. යන අය චෙක් කරන්නේ කවුද? 

:       0       0

arschfikaa Sunday, 10 May 2020 02:07 AM

මේ අයට පිටරටින් ලැබුනු ප්‍රකෝටි ගණන් වලට යන්තම් මැෂිමක් අරන් තිබ්බා.

:       57       110

සරත් Sunday, 10 May 2020 07:21 AM

විජිත් ඔබගේ ප්‍රකාශය, නුවන්ගේ අදහසට පිළිතුරක් නොවුණත්, තාක්ෂණික පැහැදිලි කිරීම ඉහළින් අගය කරමි.

:       0       39

ඉරානී - මහනුවර Sunday, 10 May 2020 09:43 AM

ලංකාදීප ඔන්ලයින් පටන් ගත්ත කාලයේ විජිත් සෑම සඳුදා දිනයකදීම තාක්ෂණික සහ ඉංජිනේරු කර්මාන්තයේදී අපට නිතරම වදදෙන ප්‍රශ්න ගොඩකට විසදුම් ලබාදුන්නා. මට මතකයි ජලකර බෝම්බය ගැන සුමාන ගණනක් පිළිතුරු දුන්න. ඉතින් ඔබට හැකි (අපි දන්නවා ඔබ ඉතාමත්ම අවිවේකි කෙනෙක් බව) අවස්ථාවල අපිට යමක් පැහැදිලි කරලා දෙන්න ඔබට ශක්තිය ලැබේවා...

:       23       104

SUS Sunday, 10 May 2020 03:49 PM

ඔය කියන. සන්වේදි කැමරාවක කිසියම් තාක්ෂනිකව... පළුදු වීමක් හෝ කිසියම් විදියකින් අපේක්ෂිත කාරණාව ඉටුනොවෙයි නම් හෝ විජිත් මහත්මයාගෙ පැහැදිලි කිරීම ඵලදායි වෙන්න පුළුවන් බවයි මගේ අදහස . කරුණාකර මා වැරදි නම් නිවැරදි කරන්න .

:       0       71

ශ්‍යාමාල් අමරසිංහ Sunday, 10 May 2020 06:28 PM

මම කටුනායක ගුවන් තොටුපොළේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් වශයෙන් සේවය කරන්නේ .ඔව් ඔබ කියන අදහස හරි. සාමාන්‍යයෙන් මේ කැමරා වල උෂ්ණත්ව පරාසය ෆැරන්හයිට් අංශක 105 කට පමණ සිමාකරලා තියෙන්නේ. ඒ උෂ්ණත්වය පැන්නොත් එක්කෝ මිනිහා මැරෙනවා... නැතිනම් අසාධ්‍ය තත්වයට ඇවිල්ලා. විජිත් මහත්මයා කියා තියෙන විදිහට ෆැරන්හයිට් අංශක 105 ක විතර උණු වතුර බෝතලයක් අපිත් සමග කැමරාව අසලින් අරගෙන ගියොත් අනිවාර්යයෙන්ම කැමරාවේ වර්ණය වෙනස් විය යුතුමයි. වෙනස් වුනේ නැතිනම් කැමරාව දෝෂ සහගතයි.

:       0       51

siripala.p Monday, 11 May 2020 12:54 AM

කැමරා නෙවේ දැන් උවමනාව.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1941 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1537 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 539 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site