
(ඉන්දිකා රාමනායක)
කටාර් සිට රැගෙන ආ කුරුල්ලන් 20 දෙදෙනෙකු නිරෝධායනය සදහා යොමු නොකර රැගෙන ගිය බොරැලස්ගමුවේ සමාගමක හිමිකරුවෙක් අද (29) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සුරතලයට ඇති කරන කුරුල්ලන් 62 දෙදෙනෙකු බොරැලැස්ගමුව ප්‍රදේශයේ සමාගමක නමින් කටාර් රාජ්‍යයේ සිට ඉකුත් ජනවාරි 7 වැනි දින කුරුල්ලන් 62 දෙනෙකු මෙරටට ආනයනය කර ඇති බවත්, එම කුරුල්ලන් අතරින් 40 දෙනෙක් නිරෝධායනයට යොමුකර තවත් 20 දෙනෙක් හොර රහසේ රැගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වු බවද හෙතෙම කියා සිටියේය.
රටකින් සත්වයන් ආනයනය කිරීමේ දී එම සතුන් පශූ වෛද්‍ය නිලධාරීන්ගේ නිර්නායකයන් අනුව නිරෝධායන කළ යුතු බවත් එම කාලය සම්පුර්ණ කිරීමෙන් පසුව ඔවුන් රැගෙන යාමට හැකියාව ලැබෙන බවද හෙතෙම කීය.
එම නීතියට පටහැනිව මෙම සැකකරු කටයුතු කිරීම සම්බ්නධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
රටේ වසංගත රෝගයක් පවතින අවස්ථාවක මෙවැනි නොසැළකිමත් ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් 1992 අංක 59 දරණ සත්ව රෝග පනත යටතේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුරුල්ලන් 20ම සාක්කුවේ දාගෙන ගියාවත්ද?
එතකොට නොහොමද නිරෝධායන නොවී යුක්රේන සංචාරකයින් ලංකාවට ආවේ. ලංකාවේ නීතිය මාරයි. සතුන් නිරෝධායනය කරන එක හරි... ඒ එම සතුන්ට තියෙන ලෙඩ රෝග විනිශ්චය කීරීමට සහ අපේ රටේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට. නමුත් මෙහි සඳහන් වන්නේ වසංගත කාලයකදී කියලා. ඒකයි ප්‍රශ්නය...
කටාර් වලත් කුරුල්ලන් ඉන්නවද..?