IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි

( ටී.කේ.ජී.කපිල )

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ  තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපොළෙන්  පිටව යාමට තැත් කළ ගුවන් මගියෙකු අද(09 ) අලුයම ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි  , ගුවන් මගින් භාණ්ඩ ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත 44 හැවිරිදි  ව්‍යාපාරිකයෙකි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මලු 04 ක් තුළ ස්මාර්ට් ජංගම දුරකථන 152 ක් , ටැබ් පරිගණක 05 ක් , විවිධ වර්ගයේ විස්කි බෝතල් 38 ක් , විද්‍යුත් දුම්වැටි 44 ක් සහ දුම්වැටි තොගයක් ද සගවා ගෙන සිටියදී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

මේ වනවිට මෙම ගුවන් මගියා අත් අඩංගුවේ තබා ගෙන කටුනායක ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂ පද්මිණී කුමාරිහාමි මහත්මියගේ ප්‍රදානත්වයෙන් යුතු රේගු නිලධාරීන් පිරිසක් විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති .



අදහස් (1)

කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි

sene Wednesday, 09 October 2024 03:56 PM

මේ මනුස්සයා නොදන්නවා වෙන්න ඇති ගමන ආරම්භ තොටුපොළේ ස්කෑන් එකට අසුවන මෙවැනි දේ ගමනාන්ත තොටුපළට දන්වන බව...

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site