(කේ බුද්ධික කුමාරසිරි)

තලංගම ප්‍රදේශයේ නිවසක් තුලදී කෝටිපති ව්‍යාපාරිකයකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව අත් අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය  ලබන 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් චාමිණී විජේබණ්ඩාර මහත්මිය නියෝග කලාය.

අත් අඩංගුවට ගත් සැකකාරියට මනුෂ්‍ය ඝාතනයක් වසන් කිරීම සම්බන්ධයෙන් සාක්ෂි වසන් කිරීම ඇතුලු චෝදනා ගණනාවක් එල්ලවී ඇති බැවින් ඒ පිළිබදව තව දුරටත් විමර්ශනය කරන බැවින් එම සැකකාරිය ද බන්ධනාගාර ගත කරන ලෙස මෙහිදී පොලිසිය ඉල්ලා සිටින ලදී.

පලමු සැකකරු ගේ සාක්ෂි මත  ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සදහා යොදා ගත් බව කියන ලී පොල්ලක් ද මෙහිදී පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කරනලදී.