
(බිමල් ශයාමන් ජයසිංහ)
බේකරි හිමිකරුවකුට වෙඩි තැබීම කළ උත්සාහයක් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමත් සමගම අසාර්ථක වී ඇති අතර බේකරි හිමිකරු වෙඩික්කරු සමග පොර බදා ගිනි අවිය සිය බාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
ඒ සමග වෙඩික්කරු. එම ස්ථානයෙන් පලා ගොස් ඇත.
ස්කූටු වර්ගයේ යතුරු පැදියකින් පැමිණ තිබූ නාඳුනන පුද්ගලයන් දෙදෙනකුගෙන් අයකු දෙහිවල කඩවත පාරේ දහනායක ක්‍රීඩාංගනය අසල බේකරි හිමිකරු වෙකු ඉලක්ක කර මෙම වෙඩි තැබීමට සිදු කිරීමට උත්සාහ දරා තිබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කරයි
වෙඩික්කරු සමග පොර බැඳීමෙන් බේකෙරි හිමිකරු සුළු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd