(ටී.කේ.ජී.කපිල සහ අනීෂා මානගේ)
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට අද(21) අලුයම පැවති අධික වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් එහි ගොඩබැස්සවීමට නියමිතව තිබූ ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපළට ගොඩබැස්සවීමට කටුනායක ගුවන් තොටුපළ වෙත බලධාරීන් පියවර ගෙන තිබුණි.
කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයට මිලිමීටර් 57 ක වර්ෂාපතනයක් ලැබී තිබුණි.
සෞදි අරාබියේ රියාද් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 266 දරන ගුවන් යානය, අද උදෑසන 6.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට තිබිණි. පසුව එම ගුවන්යානය උදෑසන 6.20 ට පමණ මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බැස්සවීමට පියවර ගෙන තිබුණි. මෙහි මගීහු 192 ක් සිටියහ.
කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරන ගුවන් යානය උදෑසන 6.15 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, එහි ගොඩ බැස්සවීමට නොහැකිව මත්තල ගුවන් තොටුපළ වෙත උදෑසන 6.30 ට ගොඩ බස්සවන ලදී. එම ගුවන් යානයෙහි මගීහු 269 ක් සිටියහ.
(ඡායාරූපය - අනීෂා මානගේ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගුවන්තොටුපොළ දීර්ගකාලීන ප්රයෝජනජට ගතහැකි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කල යුතුයි.
මොකද දන්නේ නැහැ මේක යාපනේට හැරෙව්වේ නැත්තේ?
යාපනයට යැව්වේ නැත්තේ මොකද ?. මත්තලට ගියාට කාටවත් එහෙන් බහින්න දෙනෙන් නැහැ. පැය 2ක විතර තියාගෙන ඉඳල කටුනායකින් බස්සනවා
මේ දවස්වල විවෘත කරන කිසිම දෙයක් වැඩ අවසන් නැහැ. මම පෙරේදා දැක්ක නෙලුම් කුළුණ ඇතුළට විල්බැරෝ තල්ලුකරගෙන යනවා. එළියෙන් විතරක් වැඩ ඉවර කරලා 10දා ආරක්ෂක මූලස්ථානයත් විවෘත කරන්න හදනවා කියලා ආරංචියි. බාගෙට වැඩ ඉවර ආනන්දේ සත්මහල් බිල්ඩිම ගෝඨාභයගේ නම අයින් කරලා විවෘත කරන්න හදනවා.
අනේ...... මේ ප්‍රවෘතියක්ද?
මෙතන 75ක් විතර එළියට යන්න ඉල්ලලා... ඒත් කව්රුවත් යවලා නැහැ.
මත්තලත් නොතිබුණා නම් චෙන්නායි තමයි ගොඩ බස්සවන්න වෙන්නේ... මේකට නේද මේ මීහරකුන් වී ගබඩාවක් කලේ? වෙනදා ජනාධිපතිත් ඒ කාලේ හිටියා නේද? එහෙනම් රෙද්දක් ඇඳගෙනද ඡන්දේ ඉල්ලන්නේ..?
අපරාදේ මත්තල වී ගබඩාවට යැව්වෙ. පළාලී ජාත්‍යන්තර ගුවන්තොටුපළට යවන්න තිබුණා . ආ.. ඒකත් බෑනෙ. ඒකෙ වැඩ කරන්නෙ කොටි විතරනෙ. සිංහල , ඉංගිරිසි කතා කළොත් මරයි.
හූ.... හූ... මෙන්න වී ගබඩාවකට ප්ලේන් එකක් බාලෝ....
මහා ගොන් කොමෙන්ට්. යාපනේ බාන්න පුළුවන් පොඩි ගුවන් යානා විතරයි, ඒ වගේම මත්තල වී ගබඩා කරේ එයාර් පෝට් එකේ නෙමේ එකේ වහලා දාල තියන ලොකු ගබඩා සංකීර්ණයේ. මෙහෙම මිනිස්සු ඉතින් ඡන්දෙ දීලා පත් කරන මිනිස්සු කොහොමද කියලා ආයේ අමුතුවෙන් හිතන්න දෙයක් නෑ
මේවා කුමන්ත්‍රණ. නැත්තම් මෙහෙම ගුවන් යානා බාන්න බෑ. අපි මේ ගැන පරීක්ෂණයක් තියෙනවා....
මත්තලින් ...තීරු බදු රහිත වී ටිකකුත් ගත්තනම් හරි..... දේශපාලන පලිගැනීම් වලට රටේ සංවර්දනය කාබාසිනියා කරන හැටි....
වැස්ස දවසට පමණක් පාවිච්චියට ගන්න, අතිරේක ගුවන් තොටුපොළක් තියන ලෝකයේ එකම රට? ශ්‍රී ලංකාව එකට බැරි වුණාට දිනපතාම එන එමිරේට්ස් ඇතුළු අනෙකුත් ගුවන් යානා නම්, ගොඩබානවා යස අපුරුවට?
වැස්ස දවසට පමණක් පාවිච්චියට ගන්න, අතිරේක ගුවන් තොටුපොළක් තියන ලෝකයේ එකම රට? ශ්‍රී ලංකාව එකට බැරි උනාට දිනපතාම එන එමිරේට්ස් ඇතුළු අනෙකුත් ගුවන් යානා නම්, ගොඩබානවා යස අපුරුවට?
කවුරු කළත් රටට කලේ හොඳක් නම් පක්ෂ, පාට භේදවලින් තොරව ඒය හොඳ යයි කීමට මිනිස්සුන්ට අාත්ම ශක්තියක් තියෙන්න ඕනෑ.. දැන් බලන්න මත්තල ගුවන්තොටුපල... නැත්නම් ඔය ගුවන්යානාවලට යන්න වෙන්නේ ඉන්දියාවේ ගුවන්තොටුපලකටනේ... එතකොට කොහොමද විදේශිකයෙක් පවා විශ්වාසයකින් යුක්තව තමන්ගේ ගමනාන්තයට පැමිණෙන්නේ...? මට නම් හිතෙන්නේ අපි ජාතියක් වශයෙන්.. අදහස් අතින්.. මොනතරම් පහත් තත්වයකදී ඉන්නේ කියලා... ලොකයේ අනෙක් දියුණු රටවල් විතරක් නෙමේ.. නොදියුණුයි කියනා රටවල් සමග පවා සසඳද්දී...