
(ටී.කේ.ජී.කපිල)
ඉන්දියාවේ මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (24) දින පස්වරුවේ පැමිණි විස්තාරා ගුවන් යානය තුළ බෝම්බ ඇති බවට තොරතුරු වාර්තා වීම හදිසි ගොඩ බැස්සවීමකට (Emergency Landing) ලක් කර මේ වනවිට විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.
ඉන්දියාවේ මුම්බායි නුවර සිට විස්තාරා ගුවන් සේවයේ යූ.කේ.- 131 දරන ගුවන් යානය අද පස්වරු 02.56ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
එයාර් බස් ඒ.- 320 වර්ගයේ ගුවන් යානයක් වන මෙම ගුවන් යානය තුළ ගුවන් මගීන් 108 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 08 දෙනෙකු සිටිති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියවේ ගුවන් යානාවලට ත්‍රස්ත බෝම්බ බිය පසුගිය දවස්වල ඉතාමත් තදින්ම බලපෑවා. පසුගිය සති කිහිපය ඇතුලත මෙවැනි හදිසි ගොඩබෑම් 50 කටත් වැඩියි. ලංකාවේ පක්ෂ පාට කරේ තියන් ඉන්න කට්ටිය මේකටත් කලබල වෙලා දැන් තියෙන ආණ්ඩුවට නිලධාරීන්ට දෙස්දෙවොල් තියයි.