(නිමන්ති රණසිංහ)
එල්ටීටීඊ සංවිධානය නැවත ගෙන ආ යුතු බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කළැයි කියන සිද්ධියට අදාළව නිතිපති උපදෙස් ප්‍රකාරව කාන්තා සහ ළමා කටයුතු හිටපු රාජ්‍ය ඇමැතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය නිදහස් කිරීමට කොලබ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (19) නියෝග කලේය.
මෙම සිද්ධිය අද (19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ යළි කැඳවනු ලැබූ අවස්ථාවේදී ඇපමත සිටින සැකකාර විජයකලා මහේෂ්වරන් මහත්මිය අධිකරණය හමුවේ පෙනී සිටියාය.
2018 වසරේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති රැස්වීමක දී කරුණු දක්වමින් හිටපු ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය කොටි සංවිධානය යළිනඟා සිටුවන ආකාරයේ ප්‍රකාශයක් සිදු කළේ යැයි ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශය මගින් මෙම විමර්ශනය ආරම්භ කර තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියන්නද එ අමාරුව. නිතිපතිත් මෙ ගැන තවදුරටත් කටයුතු නොකරන්න බව කියල තිබුනනෙ.
ජනාධිපති වරණයේදී ඡන්ද ටිකක් අරගෙන දෙන්නම් කියන්න ඇති.
දඩුවමක් නැද්ද ? නිකම්ම නිදහස් කලාද ?
අරගලය කරලා ගත්තේ කොටි හිතවාදී. සිංහල බෞද්ධ විරෝධී රජයක්... වට්ස් ඇප්, වයිබර්, ෆේස් බුක් වලින් බොරු පින්තුර සහ බොරුව නිර්මාණය කරලා බටහිර සහ කොටි ඩයස්පෝරාව තිබුණු රජය පෙරලීම සහ එයට දායකත්වය දුන් ජේවීපී, පෙරටුගාමී. සජිත් කණ්ඩායම සමග රාජ්‍ය නොවන සංවිධාන සහ ඉන්දියාවේ සහයෝගය සමග අපේ රටේ බොහෝ රූපවාහිනී නාලිකා, විද්‍යුත් සමාජ මාධ්‍ය කරපු අරගලයේ ප්‍රතිඵල මේ.