IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


කටාන හිටපු සභාපතිගේ ඝාතකයා වස බීලා

(චමින්ද වැවතැන්න)

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ යැයි සැක කරන පුද්ගලයකු වස පානය කර වරකාපොළ රෝහලට ඉකුත් 29 වැනිදා රාත්‍රී ඇතුළත් කර ඇතැයි වරකාපොළ පොලිසිය පැවසීය.

මෙලෙස වරකාපොළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින්නේ වරකාපොළ මායිනොළුව බෝගහවැව ප්‍රදේශයේ පදිංචිව සිටි රන්පොඩි දේවයලාගේ රවිදු ධම්මසිරි නමැති පුද්ගලයෙකි.

වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති පුද්ගලයා කලකට ඉහතදී බිරිඳ සමග කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයා වන 73 හැවිරිදි පීටර් හපුආරච්චි (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ) නමැත්තාගේ වනාතවිල්ලු‍ව 12 කණුව අවට පිහිටි අක්කර 100ක පමණ පොල් ඉඩමක මුරකාර සේවයට ගොස් තිබේ.

එම පොල් ඉඩමේ මුරකරුවන් කිහිප දෙනකු සේවය කරන බව පොලිසිය පැවසීය.

සැකකාර පුද්ගලයා හා බිරිඳ ද එක් මුර කුටියක පදිංචිව සිට ඉඩමේ කොටසක් රැක බලා ගනිමින් සිට ඇති බවත් පොලිසිය කියයි.

 පොලිසිය උප සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටින අවස්ථාවේ දී අනාවරණය වී ඇත්තේ උප සභාපතිවරයා වත්තේ සේවය කරන මුර පවුල සමග කිසියම් ආරවුලක් ඇති කරගෙන ඇති බවය.

පසුව හිටපු උප සභාපතිවරයා ඉකුත් 27 වැනිදා සවස ඉඩමට සිය කැබ් රථයෙන් පැමිණෙන අයුරු තවත් මුරකරුවකු දැක තිබේ.

සැකකරු සමග උප සභාපතිවරයා බහින් බස් වීමක් සිදු වන්නට ඇති බවටත් පසුව මුරකාර යුවළ උප සභාපතිවරයා මුර කුටිය තුළට රැගෙන ගොස් අත් පා ගැට ගසා රාත්‍රී ඝාතනය කරන්නට ඇති බවටත් පොලිසිය සැක කරයි.

වෙනත් මුරකරුවකු 28 වැනිදා පෙරවරුවේ සැකකරු පදිංචිව සිටින මුර කුටිය අසලට පැමිණ බලද්දී උප සභාපතිවරයාගේ කැබ් රථය දැක ඇති අතර වත්තට ඇතුළු වන ප්‍රධාන ගේට්ටුවට ඉබි යතුරු දමා ඇති බව දැක ඇත. පසුව මුරකරු සැකකාර මුර යුවළ පදිංචිව සිටි මුර කුටියට ගොස් දොරවල් විවෘත කර බලද්දී උප සභාපතිවරයාගේ අත් පා ගැට ගසා ඝාතනය කර ඇති අයුරු දැක වනාතවිල්ලු‍ව පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

සැකකරු හිටපු උප සභාපතිවරයා ඝාතනය කර බිරිඳ සමග වරකාපොළ නිවසට රාත්‍රී පැමිණ ඉකුත් 29 වැනිදා වස පානය කර වරකාපොළ රෝහලට ඇතුළත් කර ඇති බවත් වරකාපොළ පොලිසිය පැවසීය.



අදහස් (0)

කටාන හිටපු සභාපතිගේ ඝාතකයා වස බීලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 213 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 725 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1141 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site