(ෂේන් සෙනෙවිරත්න)
කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ අපොස සාමාන්යි පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකුට එම විභාගයටම පෙනී සිටි තවත් සිසුන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් 06 දෙනකු අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලීසිය කියයි .
එම සිසුවාට පෙරේදා (6 ) වැනි දින ගණිතය විෂයේ පළමු ප්රකශ්න පත්රැයට මුහුණ දීමෙන් අනතුරුව ලැබුන විවේකයේ විදුහලේ ආපන ශාලාවට පැමිණි අවස්ථාවේදී තවත් සිසුන් පිරිසක් විසින් ක්රි කට් පිති සහ විකට් පොලු යොදාගනිමින් අමානුෂික ලෙස පහර දී තිබූ අතර පසුව එම සිසුවා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට විදුහල් බලධාරීන් පියවර ගෙන තිබුණි .
පහරකෑමට ලක්වූ එම සිසුවා අද (08) මහනුවර ජාතික රෝහල ආසන්නයේ පාසලක සිට සාමාන්යග පෙළ විභාගයේ අවසන් විෂය සඳහා මුහුණ දී තිබුණි .
පහරදීමට සම්බන්ධ වූ සැකකාර සිසුන් විභාගය අවසන් වන තුරු පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීමක් සිදු නොකළ අතර එ් අනුව අද (08) සිද්ධියට සම්බන්ධ සිසුන් 06 දෙනකු අත්අඩංගුවට ගත් අතර තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට තිබෙන බවද පොලිසිය කියයි . අත්අඩංගුවට ගත් සිසුන් හෙට (09) මහනුවර මහේස්ත්රාබත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
මේ අතර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ අද (08) දිනයේ එම පාසල අවට දැඩි පොලිස් ආරක්ෂාවක් යෙදවීමට ද පොලිසිය පියවර ගෙන තිබුණි .
කටුගස්තොට වැඩබලන පොලිස් ස්ථානාධිපති ප්රවධාන පොලිස් පරීක්ෂක ජේ. එම්. ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ප්රේධාන පොලිස් පරීක්ෂක කුලසේන මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ කාලකණ්ණි සරසවි වලට එවන්න එපා. පාසල්වලට ගුරුවරු, විදුහල්පතිවරු ... මේ අය මරාගන්නකන් නිදාගන්නවා. සාමාන්‍ය පෙළ ඉවර වුණාම සමහරු පාතාලෙට යන්න අත්පොත් තියෙනවා වගේ...
කුලල් කා ගැනීමෙන් සියලු දේ විසඳිය හැකි බවට ආදර්ශයක් ලබාදෙන, වර්තමාන අවර ගණයේ ටෙලි නාට්‍ය මෙවැනි වනචරකම්වලට වගකිව යුතුයි.
මෙම පාසැල විනය පිළිබඳව හොඳ නමක් දිනා සිටි පාසලකි .එයට අද ඇතිව තිබෙන සෝචනීය තත්වයයි මේ
දැන් ගුටිකාපු කොල්ලගේ දෙමව්පියෝ අර කොල්ලෝ 6 දෙනාට සමාව දෙන්න සුදානම් වෙන්න එපා.