(මනෝප‍්‍රිය ගුණසේකර)
රත්නපුර කොටකෙතන ප‍්‍රදේශයේ නිවසකදී පාසල් යන දියණියක හා මවක කපා කොටා අමානුෂික අන්දමින් ඝාතනය කිරීමේ චෝදනාවන්ට ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තා වරදකරු බවට තීරණය කරමින් ඔහුට මරණීය දඩුවම නියම කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කළේය.
විත්තිකරු වරදකරු බවට තීරණය කරමින් මහාධිකරණ විනිසුරුවරයා ලබාදුන් නියෝගය ඉවත දමා ඔහු නිදහස් කරන්නැයි ඉල්ලමින් මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇත.
ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තා විසින් ඉදිරිපත් කොට ඇති මෙම අභියාචනයේ වගඋත්තරකරු වශයෙන් නීතීපතිවරයා නම් කොට ඇත.
ජනාධිපති නීතීඥ රියෙන්සි අර්සකුලරත්න මහතාගේ උපදෙස් මත නීතීඥ නාමල් කරුණාරත්න මහතා විසින් මෙම අභියාචනය ඉදිරිපත් කොට ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් විත්තිකරු වරදකරු බවට තීරණය කරමින් මහාධිකරණ විනිසුරුවරයා නිකුත් කළ නියෝගය දෝෂ සහිත බව පෙත්සමේ සඳහන් කොට ඇත.
ඒ අනුව විත්තිකරු වරදකරු කරමින් මහාධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කොට විත්තිකරු නිදහස් කරන්නැයි පෙත්සමේ සඳහන් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා අවොත් නිදහස්.
හෙට අනිද්දට ආණ්ඩු මාරුවක් සිද්ධ උනොත් එළියට යන්න පුළුවන් වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා වගෙයි.
කොහොමත් ඇපෑලක් ඉදිරිපත් කරනවනේ. මෙවන් පව්කාරයන්ට යාමට වෙනම අපායක් තිබිය යුතුය.
ඔන්න මෙයා නිසි මහජන ප්‍රතිකාර ඉල්ලනවා වගේ. දේශපාලුවෙක්ගේ හෙන්චයියෙක් කියලත් ආරංචියක් තිබුනා වගේ මතකයි.
මේ කාරණාවෙන් පෙනෙන දෙය තමයි ලේ පිපාසිත මිනීමරුවන් රකිනා මුදල් පිපාසිත සමාජයේ ඉහළින් නම් ඇති වෘත්තිකයන් ඉන්නා බව.....