
(ප්‍රසන්න පත්මසිරි)
මම රනිල් වික්‍රමසිංහ බලන්න බණ්ධනාගාරයට ගියා නම් ජනමාධ්‍ය මම ගිය බව ඔප්පු කළ යුතුයි. අගමැති හැටියට මට ඕන ඕන තැනට එහෙම යන්න බෑ, හොරෙන් යන්නත් බෑ මම ගිය බව ඔප්පු කරන්නැයි ජනමාධ්‍යයට අභියෝග කරනවා යැයි අගමැතිනිය පැවැසුවාය.
සාවද්‍ය ප්රවෘත්ති ප්‍රකාශ කරන අයට නිසි ක්‍රියාමාර්ග ගන්නවා. පදනමක් නැති කතා ඔප්පු කරලා පෙන්වන්න කටකතා ප්රවෘත්ති කරලා පෙන්වන්න එපා. ප්‍රවෘත්තියක් නිර්මාණය කරනවා නම් ඒකට පදනමක් තිබිය යුතුයි, 50ක් ආණ්ඩුවෙන් යන බවක් කියනවා මටත් කියන්නකෝ යන්නේ කවුද කියලා
අපි ජනතාවට දුන්න පොරොන්දු තමයි අපි දැන් ඉටු කරන්නේ අපි නිතියට බලපෑම් කරන්නේ නෑ නිතිය සුවාධිනව කටයුතු කරනවා යැයි ද ඌව පළාත් සභාවේදි 26 දින පැවති මාධ්‍ය හමුවකදි අගමැතිවරිය පැවැසුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට මෙයාව කොහොමත් විශ්වාස නෑ අනුර සහෝදරයා. බිමල් සහෝදරයට අගමැතිකම දෙන්න...
ඇත්ත. සුවාධීන ව තමයි අපටත් පේන විදිහට වැඩ කෙරෙන්නේ. ගින්නක් නැතුව දුමක් නගින්නෑ කියලා කතාවකුත් තියෙනවානේ නෝනේ. මේ කරන්නේ පොරොන්දු වුනු දේවල් ද? අනේ මේ කාවද රවටන්න හදන්නේ? ඔව් අපි රැවටුනා ඔබතුමීලාට දැන් අවුරුද්දකට ආසන්න කාලයකට පෙර. කියපු ගජබින්න සහ ඇස් ලොකු කරලා කීව කතා අපි විශ්වාස කළා. තව දුරටත් එහෙම වෙන්නේ නෑ.
මේක පළමුවෙන්ම ඔයාගේ මාලිමාවුන්ට කියන්න නෝනා, පජාත බොරු වපුරලා බලේ අරගෙන .. දැන් කියනවා අනේ ඇත්ත කියන්න කියලා ...
යටි අරමුණු ඇතුව මාධ්‍ය මගින් කෙරෙන සාවද්‍ය ප්‍රකාශ හොඳ වෙලාවට ජනතාව පිළිගන්නේ නෑ. අද ජනතාව බුද්ධිමත්. වැඩිදෙනා රටට ආදරෙයි.
ගරු අගමැතිතුමියනි, කරුණාකර නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වන්න. මෙය මහා සැලැස්මක් බව හැගෙනවා. ආණ්ඩුව හා ඔබව වෙන් කිරීමේ සුක්ෂම සැලැස්මක් පේනවා. රජය ඉතා හොදින් සංවර්ධන මාවතට එළබෙමින් නීතිය ස්ථාපිත කරමින් ඉදිරියට යනවා. රට නිවැරැදි අතට රට යනවා දකිමින් සුභ සිහින දකින පුරවැසියන් අනාථ කරන්න එපා...
ඔය පච නාලිකා වලට එරෙහිව කටයුතු කරන්න.
ඔබ එහෙම කිව්වට ඔය ජන මාධ්‍ය කරුවන් ඔවුන්ගේ අරමුණ ඉටුකරගත්තා. බොරුවක් කළාට නීතිය කඦියාත්මක වෙන්න ඕනේ නේද?
ඔබ උගත් වැදගත් කෙනෙක්නේ... ඔතැනින් අයින් වෙන්න. දැන් හොදටම පැහැදිලියිනේ... ජෙප්පන්ගේ අවශ්‍යතාවයන්... ඔබලා බලාපොරොත්තු වෙන දේවල් ඔතැන වෙන්නේ නෑ. මිනිස්සු ඡන්දය දෙන්නේ ඔබලාට මිසක් ජවිපයට නෙවෙයි.
හිතේ... දුක, හිරු නිවා දැම්මේ.. නැතිවද ඔබ දන්නේ...
අමූලික පච ප්රවෘත්ති කරගෙන ඒ මගින් ඡන්ද දිනපු කල්ලියක නායිකාව නේ අගමැතිතුමිය? ඉතින් ප්රවෘත්ති වල නිරවද්‍යභාවය ගැන කතා කරනකොට අපට නම් ඇතිවෙන්නේ හාස්‍යයක්