
(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)
කොටි සංවිධානයේ පැරණි කඳවුරක් පැවති කිලිනොච්චිය, රාමනාදපුරම්, අලගාරි හි ස්ථානයක එම සංවිධානය විසින් වළඳමා ඇති බවට සැක කරන රත්තරන් සෙවු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි.
සැකකරුවන් සතුව තිබී භූමිය පරීක්ෂා කරන නවීන ස්කෑනර් යන්ත්‍ර දෙකක් සහ සුඛෝපභෝගී ජිප්රථයක්ද අත්අඩංගුවටගත් බව පැවසීය.
සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයේ ‘පොලිස්පතිට කියන්න‘ මෙහෙයුම් එකකය භාර ස්ථානාධිපති ලෙස සේවය කරන අතර එරාවුර් ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින බවත් පොලිසිය සඳහන් කළේය.
පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇති බව පැවසේ.
කොටි සංවිධානය සතුවූ මෙම කඳවුරතුල පසුගිය යුද සමයේ සිවිල් ජනතාවගෙන් කොල්ලකන ලද රත්තරන් වලදමා සඟවා තිබෙන බවට හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකු විසින් සැකකරුවන්ට ලබාදුන් තොරතුරක් මත එලෙස කැණීම් කිරීමට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීයෙ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ජනතාව නෙවෙයි අපරාද කරන්නේ, පොලිසියේ ඉන්න අමනයින් තමයි තියන හැම අපරාදයක්ම කරන්නේ...