IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කොටි සමයේ රන් සෙවූ සී.අයි ඇතුළු පහක් අත්අඩංගුවට

(සිතුම් චතුරංග සහ රොමේෂ් මධුෂංක)

කොටි සංවිධානයේ පැරණි කඳවුරක් පැවති කිලිනොච්චිය, රාමනාදපුරම්, අලගාරි හි ස්ථානයක එම සංවිධානය විසින් වළඳමා ඇති බවට සැක කරන රත්තරන් සෙවු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව රාමනාදපුරම් පොලිසිය පවසයි.

සැකකරුවන් සතුව තිබී භූමිය පරීක්ෂා කරන නවීන ස්කෑනර් යන්ත්‍ර දෙකක් සහ සුඛෝපභෝගී ජිප්රථයක්ද අත්අඩංගුවටගත් බව පැවසීය.

සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් මූලස්ථානයේ ‘පොලිස්පතිට කියන්න‘ මෙහෙයුම් එකකය භාර ස්ථානාධිපති ලෙස සේවය කරන අතර එරාවුර් ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටින බවත් පොලිසිය සඳහන් කළේය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් වෙත ලැබුණ බුද්ධි තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවටගෙන ඇති බව පැවසේ. 

කොටි සංවිධානය සතුවූ මෙම කඳවුරතුල පසුගිය යුද සමයේ සිවිල් ජනතාවගෙන් කොල්ලකන ලද රත්තරන් වලදමා සඟවා තිබෙන බවට හිටපු එල්.ටි.ටි.ඊ සාමාජිකයකු විසින් සැකකරුවන්ට ලබාදුන් තොරතුරක් මත එලෙස කැණීම් කිරීමට පැමිණ ඇති බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය‍ෙ

 

 



අදහස් (1)

කොටි සමයේ රන් සෙවූ සී.අයි ඇතුළු පහක් අත්අඩංගුවට

NAMAL Sunday, 09 June 2024 10:56 AM

දැන් ජනතාව නෙවෙයි අපරාද කරන්නේ, පොලිසියේ ඉන්න අමනයින් තමයි තියන හැම අපරාදයක්ම කරන්නේ...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site