
(සුජිත් හේවාජුලිගේ )
පවතින ආර්ථික තත්වය දඩමීමා කරගෙන පාරිභෝගික භාණ්ඩවලට හිතූ හිතු අසාධාරණ මිල ගණන් අය කරන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ට ඊයේ (2) උපදෙස් දුන්නේය.
වෙළෙඳුන්ට අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නොදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දුන්නේය.
ඔහු මෙසේ දැනුම් දුන්නේ ආහාර සුරක්ෂිතතාවයට අදාළ අභියෝගවලට කඩිනම් විසඳුම් ලබාදීම සඳහා කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ඊයේ (2) පස්වරුවේ පැවති සාකච්ඡාවකදීය.
දිවයින පුරා සතොස සහ සමුපකාර වෙළෙඳසල් සක්‍රීයව පවත්වා ගෙන යෑමේ අවශ්‍යතාවද මෙහිදී සාකච්ඡා කෙරිණ.
සියලුම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහය ඉන් වැළැක්විය හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
තොග වෙළෙඳපොළට බෙදාහැරෙන කෘෂි අස්වැන්නෙන් කොටසක් ග්‍රාමීය වෙළඳසල්වලට සෘජුවම ලැබීමට සැලැස්විය යුතු බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ මහතා ග්‍රාමීය පාරිභෝගිකයාට අඩු මිලකට භාණ්ඩ ලබා ගැනීමට සහ ගොවියාට ඉහළ මිලක් ලබා ගැනීමට ඉන් හැකි වනු ඇතැයිද
පැවසුවේය.
මෙම සාකච්ඡාවට වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අනුර දිසානායක වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් එස්.වී කොඩිකාර යන මහත්වරුද එම අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතනවල ප්‍රධානීහුද සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙච්චර කාලයක් ආගිය අතක් නැතුව හිටිය විරුවා පට්ටම් සේන දැන් යන්තම් රනිල්ගේ පිටිපස්සේ එල්ලිලා අළුගහලා දාලා නැගිටලා පොර ටෝක් දෙනවා අරෙහෙම කරන්නලු, මෙහෙම කොරන්නලු... අනේ මේ අතිගරු ජනාධිපති උතුමාණන් වන නන්දසේනට එකක් කියන්නම් මේ ඔක්කොම තමුන්නැහේත්, තමුන්නැහේගේ ගෝලබාලයින් වන කපුටත්, කබ්බන් ඇතුළු කට්ටිය නිර්මාණය කරපු දෙයක් තමුන්නැහේටත් මොලේ කළඳක් තිබුණා නම් මේවා මෙහෙම වෙන්නේ නැහැ. දැන් ඔක්කෝම කෙළ වුණාට පස්සේ මට වැරදුණා වගේ නපුංසක කතා කියනවා ජනතාවගේ ලේ කෝප නොකර නොකර සද්ද ඉන්න...
අල්ලනවා නම් වෙළෙන්දන්ට වඩා ලොකු හොරු ඉන්නවා නේද ජනාධිපතිතුමා..?
රටේ ආර්ථිකයයි, ව්‍යාපාරික ක්ෂේත්‍රයයි මේ ආණ්ඩුව විසින් සම්පූර්ණයෙන්ම බිඳ වට්ටලයි තියෙන්නේ. ඒ නිසා රටේ ආර්ථිකයට හා දේශපාලනයට පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. නමුත් මේ ආණ්ඩුවේ නායකයින් ඒ බව අවබෝධ කරගෙන ඇති බවක් පෙනෙන්ට නැහැ. තවම උත්සාහ කරන්නේ තැනින් තැන පැලැස්තර අලවලා මේ ක්‍රමයම ගැට ගහගෙන යන්න. නමුත් ඒ දරණ සෑම උත්සාහයකින්ම තවතවත් රට ආර්ථික දේශපාලනිකව හා සමාජීය වශයෙන් අර්බුදයකට යන බව ඔවුන් අවබෝධ කරගත යුතුයි...!
ජනතාව අපේක්ෂා කළ කිසිම දැඩි ක්‍රියාමාර්ගයක් ජනාධිපති වරයා වශයෙන් ඔබතුමා ගෙන් අපි නොදුටුවෙමු. එම නිසා මෙය ද සාමාන්‍ය ව්‍යවහාරයේ දැක්වෙන පරිදි තවත් එක්තරා පතෝල නියෝගයක් පමණි.
හිනා යනවා අනේ...!
කුඨ නායකයාට එරෙහිවත් දැඩි පියවර ගන්න. ඔහුට තව දුරටත් බලයේ රැඳී සිටීමට ඉඩ දෙන්න එපා
අදහස නම් හොදය , නමුත් ජනතවට බයේ රජයෙ අයතනයකට, උත්සවයකට , පර්ලිමෙන්තුව අඩුම තරමෙන් තම කර්යලයට යෑමට නොහැකිව මන්දිරයෙ සැගවි සිටින ඔබතුම මෙව ක්‍රිාත්මක කාවි කියල බලපොරොත්තුවක් අපට නොමත.
හීනෙන්ද බොස්?
මයිනා කාපු කෑම මතකද මන්දා?
මෙයා බයිලා ගහනවා.. දැන් වෙන්න ඇති ඇහැරිලා තියෙන්නේ...!