(පද්මා කුමාරී කංකානම්ගේ )
ඉන්දියාවෙන් මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් ප්‍රවාහනය කරණ ලද,රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් අද (11) දින නල්ලන් දලුව ප්‍රදේශයේ දී මදුරන් කුලිය පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මුහුදු මගින් කල්පිටියට ගෙන්වන ලද මෙම භාණ්ඩ තොගය,කුකුලු පොහොර ප්‍රවාහනය කරන මුවාවෙන්,ඒවා වැසෙන පරිදි පොහොර උර යොදා ආවරණය කර ප්‍රවාහනය කරමින් තිබිණි.
අත්අඩංගුවට පත් භාණ්ඩ අතර ඉන්දියන් බීඩී කොළ කිලෝ ග්‍රෑම් 2500 ක්,එාල් කිලෝ ග්‍රෑම් 4 ක්,චොක්ලට් ඇතුලු ඉන්දියන් රස කැවිලි තොගයක් වෙයි.සැක කරුවන් මන්නාරම සහ නල්ලන් දලුව පදිංචි වයස අවුරුදු 47 සහ 50 අතර අයවලුන් වෙති.
මදුරන් කුලිය පොලිසියට ලැබුණු තොරතුරකට අනුව,පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.කේ.ගාමිණි වික්‍රම සිංහ මහතා ඇතුලු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කොට තිඹිණි. නඩු භාණ්ඩ සහ සැක කරුවන් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු
සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය
ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව
පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කෝටි දෙකක භාණ්ඩ ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට