IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය

(රෝෂන් තුෂාර)

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුවන්ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද (01) නියෝග කළේය.

රජයට පාඩු කරමින් හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන දෙසීයක් අතරින් මේ වන විට රජයට භාරදී ඇත්තේ වාහන විස්සක් පමණක් බවට අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.

ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රහසිගත බුද්ධි ඒකකය අත් අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් මිට්සුබිසි වර්ගයේ ජීප් රථයක් අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙම ජිප් රථය එච්.එල්.කේ පරකැටැල්ල නැමැති පුද්ගලයා සතුව තිබී අත්අඩංගුවට ගත් බවත්,අදාල ජීප් රථය වහා රජයට බාර දෙන ලෙසට සැප්තැම්බර් මස 18 වෙනි දින අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබුණද රථ හිමියා විසින් අදාළ රථය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.රථ හිමියාට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු සතුව තිබූ රථය අත්අඩංගුවට ගත් බවත් පැවසීය.

කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රථ අත්අඩංගුවට ගැනීම මෙන්ම එලෙස රජයට පාඩු කළ සැකකරුවන් ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම කොමිසම සතු වගකීම බව පෙන්වා දෙමින් සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කළේය.

2015 වර්ෂයෙන් පසුව සුඛෝපභෝගී ජීප් රථ හා වාහන ශ්‍රී ලංකා රේගුවට හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් 2005 ට පෙර ආනයනය කළ සාමාන්‍ය රථ වාහන ලෙස ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී වාහන දෙසීයක්(200) අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම මගින් විමර්ශන සිදු කරන අතර එම වාහන වහාම රජයට භාර දෙන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝග ප්‍රකාරව මෙම සුඛෝපභෝගී ජීප් රථය ඊයේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ රථය නිත්‍යානුකුලව ක්‍රියාදාම කිරීමට ශ්‍රී ලංකා රේගුවට භාර දෙන ලෙසට නියෝග කරමින් සෙසු වාහන සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ලබන එකොළොස්වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

 



අදහස් (5)

කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය

සෙනෙවිරත්න Wednesday, 02 October 2024 06:31 AM

මෝටර් රථ ප්‍රවාහන එකේ ඔය දත්ත වෙනස් කළ මිනිහාට මොකද කළේ? මේවා රජයේ ලොක්කෝ නොදැන කළ දේවල් වෙන්න බැහැ. හැත්ත බුරුත්තම අල්ලන්න. මිනිස්සු දුක් විඳින්නේ වේලක් හොයාගන්න. ඔවුන්ට කරන සාධාරණයක් ලෙස මොවුන්ට දඬුවම් දෙන්න...!

:       0       6

බකල ජයා Wednesday, 02 October 2024 07:14 AM

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට දත්ත ඇතුළු කිරීමට පාරේ යන සයිමන්ට හෝ සිරියලතාට බැරිබව කරුණාවෙන් සලකන්න. නමුත් කම්පියුටරේ යතුරු පුවරුවට එම හැකියාව ඇති බැවින් වහාම පොලීසියට කැඳවා ප්‍රකාශයක් ලබාගන්න.

:       0       10

maalaka Wednesday, 02 October 2024 09:07 AM

රජයට අයවිය යුතු බදු ලැබුනානම් රට මේ ව්‍යසනයට මුහුණ දීමෙන් වැලකීමට තිබුනා

:       0       9

manjula Wednesday, 02 October 2024 11:41 AM

වැල් පාලමේ ගියපු හැටි.. දැන් පැරදුණු කවුරුත් එකතුවෙලා වැල්පාලමේ යන හැටි ප්ලෑන් කරනවා.

:       1       6

ජනතා විමුක්තිය Thursday, 03 October 2024 12:23 AM

ඔබ හිතනවාද වරායෙන් පන්නපු ඒවාට මාලි මන්දිරයේ අරවින්ද සම්බන්ධ නැහැ කියලා. නොවැම්බර් 15 වෙනකල් දාන සංදර්ශණ මේවා..

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 697 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site