
(යොහාන් භාසුර)
ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වලින් මධ්‍යම තැපැල් හුවමාරුවට එවූ පාර්සල් 11 ක තිබී රුපියල් කෝටි එකහමාරක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්‍ෂ සීවලි අරුග්ගොඩ මහතා අද (4) පැවසීය.
ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් මධ්‍යම තැපැල් හුවමාරුව තුළ කළ ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගුවේ යැයි සැකපිට පාර්සල් 11 පරීක්ෂණ කළ බවත් එම පාර්සල් ජර්මනිය සහ එංගලන්තය යන රටවල්වල සිට කොළඹ, නුගේගොඩ, පානදුර, අනුරාධපුර සහ මහනුවර යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් වෙත එවා තිබුණ ද එම ලිපිනයන් ව්‍යාජ ඒවා බව තහවුරු වූ බවත් ඒ මහතා කීය.
එම පාර්සල් තුළ ‘එක්ටසි’ නැමැති ‘මෙතන්පිටමයින්’ අඩංගු මත්පෙති 1,055 ක්, කුෂ් නැමැති ගංජා ග්‍රෑම් 318 ක් සහ ගංජා ඇට 15 ක් අත්අඩංගුවට ගත් බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එම මත්ද්‍රව්‍යවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 13 කට ආසන්න බව ද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මධ්‍යම තැපැල් හුවමාරුව තුළ CCTV කැමරා පද්ධතියක් සහ පොලිස් සුනඛයින් නිරතුරුව යෙදවීම සුදුසු වේ. පසුගිය දින 10 තුළදී වැටලීම් කළ ප්‍රදේශ නැවත හදිසි වැටලීම් කළහොත් මත්ද්‍රව්‍ය වැටලීමෙන් පසු නැවත එම ප්‍රදේශයන් / නිවෙස්වෙත මත්ද්‍රව්‍ය පැමිණ තිබේද සහ එම මත්ද්‍රව්‍ය විකිණීම කළ පුද්ගලයින්ගේ නිවෙස්තුළ වර්තමාන තත්වයන් පිළිබඳව අවබෝධයක් ලබාගැනීමට සහ එම නිවාස තුළ සිටිනා රැකියා නොකරන සියලු දෙනා වෘත්තීය පුහුණු වෙත යොමුකිරීමට සුදුසු වැඩපිළිවෙලක් මේ සමගම දියත් කිරීමට කටයුතු සිදුවේ නම් ඉක්මණින් පුද්ගලයින්ගේ මානසික තත්වයන් පවා වෙනස් කිරීමට හැකියි...
තැපැල් සේවයෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලෝකයේ පළමුවෙනි රට ලෙස ඉතිහාසයට එක්වීම සිරි ලාංකිකයින් ලෙස අපට විශාල ගෞරවයක්... සුද්දෝ තැපැල් ක්‍රමය ඇති කළාට, ඒකෙන් නිසි ප්‍රයෝජනය ලබාගන්න ඒ අය දන්නේ නැහැ... දැන් පේනවනේ අපි ලෝකයේ ඉන්න තැන...!