
(සුජිත් හේවාජුලිගේ )
ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට රුපියල් කෝටි අටක වියදමින් 2020 වර්ෂයේදී මිලදී ගෙන ඇති රොබෝ යන්ත්‍ර හතරක් ඇතුළු උපකරණ එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දිරාපත්වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.
සමහර මෘදුකාංග සඳහා රහස් පද ඇතුළත් කර ඇති හෙයින් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට බඳවාගෙන ඇති විධායක නිලධාරියාට (වසර දෙකක කාලයක් සඳහා) මසකට රුපියල් හත්ලක්ෂ විසි පන් දහසක් බැගින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැනි මුදල් නාස්ති කිරීම් ඇති රටක් බංකොළොත් වීම පුදුමයක් නොවේ. කෝටි අටක් කියන්නේ ලක්ෂ 800 ක් නේද? මසකට රුපියල් 725000/- ක් වැටුප් ගත් මේ විධායක නිලධාරියා මේ නාස්තිය නොදුටුවේ මන්ද? මේ රටේ මේසා විශාල වැටුපක් අරගෙනත් ඔහුගේ සේවය ඔහු මඟහැරියාද? ඔහුව පත්කළේ දේශපාලන බලවතෙක්ද? ඔහු අයත් අමාත්‍යාංශය බාරව සිටි ඇමැතිවරයාට හා එවකට රටේ සිටි පාලකයාටත්, පාලක පක්ෂයටත් මේ සම්බන්ධව අවබෝධයක් නොතිබුණේ මන්ද? අහෝ .. දුක්විඳින රටවාසීන්ගේ බදුමුදල් නැති නාස්ති වෙන සැටි...
නිසි ඇගයීමක් හා විමර්ශණයක් නොකොට නූගත් දේශපාලුවන්ගේ හොරාකෑමේ අදහස් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල...
විධායක නිලධාරියත් මලකඩ කාලා තමයි...