IMG-LOGO

කෝටි අටක රොබෝලා මලකඩ කාලා

(සුජිත් හේවාජුලිගේ )

ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය රොබෝ තාක්ෂණය සඳහා වන විශිෂ්ටතා මධ්‍යස්ථානය ආරම්භ කිරීමට රුපියල් කෝටි අටක වියදමින් 2020 වර්ෂයේදී මිලදී ගෙන ඇති රොබෝ යන්ත්‍ර හතරක් ඇතුළු උපකරණ එම මධ්‍යස්ථානය ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් දිරාපත්වෙමින් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

සමහර මෘදුකාංග සඳහා රහස් පද ඇතුළත් කර ඇති හෙයින් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.

මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යෑමට බඳවාගෙන ඇති විධායක නිලධාරියාට (වසර දෙකක කාලයක් සඳහා) මසකට රුපියල් හත්ලක්ෂ විසි පන් දහසක් බැගින් රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.

 

 



අදහස් (3)

කෝටි අටක රොබෝලා මලකඩ කාලා

Samitha Senadhi Wijesiriwardhana. Sunday, 11 June 2023 06:41 AM

මේ වැනි මුදල් නාස්ති කිරීම් ඇති රටක් බංකොළොත් වීම පුදුමයක් නොවේ. කෝටි අටක් කියන්නේ ලක්ෂ 800 ක් නේද? මසකට රුපියල් 725000/- ක් වැටුප් ගත් මේ විධායක නිලධාරියා මේ නාස්තිය නොදුටුවේ මන්ද? මේ රටේ මේසා විශාල වැටුපක් අරගෙනත් ඔහුගේ සේවය ඔහු මඟහැරියාද? ඔහුව පත්කළේ දේශපාලන බලවතෙක්ද? ඔහු අයත් අමාත්‍යාංශය බාරව සිටි ඇමැතිවරයාට හා එවකට රටේ සිටි පාලකයාටත්, පාලක පක්ෂයටත් මේ සම්බන්ධව අවබෝධයක් නොතිබුණේ මන්ද? අහෝ .. දුක්විඳින රටවාසීන්ගේ බදුමුදල් නැති නාස්ති වෙන සැටි...

:       0       14

ravin Sunday, 11 June 2023 07:28 AM

නිසි ඇගයීමක් හා විමර්ශණයක් නොකොට නූගත් දේශපාලුවන්ගේ හොරාකෑමේ අදහස් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵල...

:       0       7

Nimal Sunday, 11 June 2023 01:55 PM

විධායක නිලධාරියත් මලකඩ කාලා තමයි...

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 375 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site