(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
නාගරික සංවර්ධන අධිකාරියේ රුපියල් කෝටි හය දහස් පන්සිය අසූ හතක් වටිනා ව්‍යාපෘති 26 ක් විවිධ හේතු මත අතරමඟ නැවතීමෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ප්‍රතිලාභ අහිමි වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු පරිසර, ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධන ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
මෙම ව්‍යාපෘති සඳහා රුපියල් කෝටි පන්සිය දාහතරකට වැඩි මුදලක් දැනටමත් වැය කර ඇතැයි තොරතුරු හෙළිවූ බව එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පැවසීය.
මින් ව්‍යාපෘති 11 ක් නැවතී ඇත්තේ රජයේ ආයතන අතර පවතින විවිධ ගැටළු හේතුවෙන් බවත් එම ව්‍යාපෘති 11 සඳහා රුපියල් කෝටි 253 කට වැඩි මුදලක් දැනටමත් වියදම් කර ඇති බවත් සභාපතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
388
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
226
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 6500ක ව්‍යාපෘති 26ක් කොට උඩ