IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කෝටි 400 කුඩු සමග ඇල්ලූ සැකකරුවෙක් මුහුදට පැනලා

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

හෙරෝයින් මත් කුඩු හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්රෑම් 212 ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී දෙවිනුවරට ඈත මුහදේදී සැකපිට අත්අඩංගුවට ගත් බහු දීන යාත්‍රාවේ සිටි ධීවරයන් පස් දෙනාගෙන් අයකු  ගොඩබිමට රැගෙන එන විට මුහුදට පැන  ගොස් ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.

දෙවිනුවර ධීවර වරාය ආසන්න මුහුදේ දී ඔහු සමග දෙදෙනකු මුහුදට පැන ඇති අතර එක් ධීවරයකු නාවික හමුදා නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා බේරා ගෙන මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.

ඒ අනුව රුපියල් මිලියන 4000 කට අධික වටිනාකමකින් යුත් එම මත්ද්‍රව්‍ය තොගය හා සැකකරුවන් සිව් දෙනකු සමග අත්අඩංගුවට ගනු ලැබු “ජය සහන්” නැමැති බහු දින යාත්‍රාව අද උදෑසන දෙවිනුවර පුරාණ වැල්ල ධීවර වරාය වෙත රැගෙන එනු ලැබීය.

 



අදහස් (5)

කෝටි 400 කුඩු සමග ඇල්ලූ සැකකරුවෙක් මුහුදට පැනලා

wijesinghaarachchilage garly samantha wijesinha Monday, 23 October 2023 12:09 AM

ඕවාට මොනවා වෙනවද කවුද දැනෙන

:       0       0

Aruna Manipura Monday, 23 October 2023 07:25 AM

ඔය අල්ලන මත්ද්‍රව්‍ය වලට වෙන්නේ මොකද්ද? ඇයි අපිට නීති හද ගන්න බැරි ඉක්මණින්ම ඇල්ලු සැනින් විනිශ කරන්න. ඔවැනි වැටලීම් කලද ඉතිහාසයේ. නමුත් විනාශ කලා කියලා පත්තර වල නෑ.

:       0       1

sam Monday, 23 October 2023 11:04 AM

ඉතින් යකෝ සැකකරුවන් අහු උනහම උන්ට මාංචු දැම්මානම් ඉවරයිනේ .ඔයවගේ රාජකාරි වලට යනකොට හැම පැත්තෙන්ම ලැස්ති වෙලානේ යන්න ඕනේ .ඌට පැනලා යන්න ඉඩ දෙන්න ඇති

:       2       1

සමන් Monday, 23 October 2023 11:54 AM

sam , උඹ හිතන්නෙ අර දියවන්නාවෙ ඉන්න හොර හැත්තට වගේ මේ අනතුරුදායක රැකියා කරන මහත්තුරුන්ටත් සියලු සැප පහසුකම් තියෙනව කියලද. ඒ අය අමාරුවෙන් කරන සේවය අගයපන්, පන්ඩිත බූරුවෙක්නොවී.

:       0       1

නිහාල් Monday, 23 October 2023 06:07 PM

මාංචු අරන් යන්න සැප සම්පත් ඕනෑද? මේ වගේ නූගත් මන්දබුද්ධික අය ඉන්න මේ රට මෙහෙම වත් තියන එක පුදුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 144 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 763 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site