(යොහාන් භාසුර)
නෙදර්ලන්තයේ සිට තැපැල් මගින් එවූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් ‘මෙතෆෙටමින්’ නැමැති මත්ද්‍රව්‍ය පෙති 2973 ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
නෙදර්ලන්තයේ සිට තැපැල් මඟින් ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සම්භාහන යන්ත්‍රයක් ලෙස ප්‍රකාශ කරමින් ආනයනය කළ මෙම පාර්සලය පිළිබඳව ඇති වූ සැකයකක් මත යන්ත්‍රය ගලවා පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත්පෙති තොගය සොයාගත් බවත් එම මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොල වටිනාකම රුපියල් 29,730,000 ක් පමණ බවත් රේගුව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදුන් බව ද රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කෝටි 3ක මත්පෙති මධ්‍යම තැපැල් හුවමාරුවෙන් අල්ලයි