
(ටී.කේ.ජී.කපිල)
රුපියල් තුන් කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් ඔස්සේ , වායුසමනය යන්ත්‍රයක " කොම්ප්‍රෙෂරයක්" තුළ සගවා , කූරියර් පාර්සලයක් ලෙස සීදුව කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් නැමැති පෞද්ගලික බන්ධිත ගුදම් සංකීර්ණය වෙත එවා තිබියදී, එය භාර ගැනීමට පැමිණි පුද්ගලයා ද සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (20) පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබේ.
අප්‍රිකානු රාජ්‍යයක් වන උගන්ඩාවේ සිට මෙම පාර්සලය කොළඹ , මෝදර ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ අතර , එය භාර ගැනීමට එම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි කුළී රැකියාවක නිරත , මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ තරුණයෙකු සීදුව පිහිටි බන්ධිත ගුදම වෙත පැමිණ සිටි අතර ඔහු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ඉන්පසුව ඔහු ඉදිරිපිට දී මෙම "කොම්ප්‍රෙෂරය " ගලවා පරීක්ෂා කිරීමේදී , ඒ තුළ සගවා තිබූ ග්‍රෑම් 483 ක් බරැති කොකේන් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබුණි .
මෙම කොකේන් මත්ද්‍රව්‍ය තොගය අඩංගු පාර්සලය සීදුව කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස් බන්ධිත ගුදම වෙත ගුවන් තැපැල් සේවය ඔස්සේ ඉකුත් 11 දින ලැබී තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා භාර ගැනීමට සීදුව බන්ධිත ගුදම වෙත පැමිණි කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි තරුණයා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1052
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 3ක කුඩු සමග අයෙක් මාට්ටු