IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කෝටි 30ක වාලම්පුරියක් මාලඹෙන් අල්ලයි

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

මහනුවර ප්‍රදේශයේ  විහාරස්ථානයකට අයත් රුපියල් කෝටි 30 ක් වටිනා වාලම්පුරියක් මාලඹේ අරංගල ප්‍රදේශයේදී විකිණීමට උත්සාහ දැරූ ප්‍රසිද්ධ මූර්ති කැටයම් ශිල්පියෙක් එම  වාලම්පුරියද සමග  පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන  ප්‍රහාරක බලකාය විසින් අද (17) අත්අඩංගුවට ගනු ලැබීය.

එම විහාරස්ථානයේ හිමිනමක් මෙම මූර්ති කැටයම් ශිල්පියා අතරමැදියකු ලෙස යොදාගෙන වාලම්පුරිය අලෙවි කිරීමට උත්සාහ දරා ඇති බව මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණයවී ඇතැයි  වැටලීම මෙහෙයවූ පොලිසිියේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

වැටලීම කර ඇත්තේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට පෞද්ගලිකවම ලැබුණු තොරතුරක් අනුවය.

මේ අනුව ස්ථානාධිපතිවරයා උපාය දූතයකු යොදවා කළ සූක්ෂම බුද්ධි මෙහෙයුමකින් පසු සැකකරු මෙසේ අත්අඩංගුවට අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම මෙහෙයුම සඳහා පානදුර වලාන මධ්‍යම දුෂණ මර්දන  ඒකකයේ බුද්ධි අංශ නිලධාරීහු  සහ මීරිගම ගුවන් හමුදා කඳවුරේ බුද්ධි නිලධාරීහුද  සහාය වූහ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා  එම වාලම්පුරියද සමග  මාලඹේ පොලිස් ස්ථානයට ඊයේ  බාර දී ඇත.

වලාන මධ්‍යම දුෂණ මර්ධන මර්දන බළකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චාමික වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ එම බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, උප පොලිස් පරීක්ෂක සඳරුවන්, පොලිස් සැරයන් බටුවත්ත, පොලිස් කොස්තාපල්වරුන් වන බාලසූරිය අමිල,සංජීව,සියන්ත  සේනාරත්න ,කාන්තා පොලිස් නිලධාරිනී රිහාරි පොලිස් කොස්තාපල් රියදුරු තිසර මීරිගම ගුවන් හමුදා කඳවුරේ සැරයන්  එදිරිසිංහ, කුලතුංග කෝප්‍රල් තෙන්නකෝන් ලාන්ස් කෝප්‍රල්වරුන්වන  සදරුවන් සහ ප්‍රේමතිලක යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් මෙම වැටලීම කළහ.



අදහස් (6)

කෝටි 30ක වාලම්පුරියක් මාලඹෙන් අල්ලයි

සකල බුජං Tuesday, 17 October 2023 04:39 PM

මහලොකු වැඩක් කරා වගේ මුන්ගෙ වැඩ. නීති විරෝධී ගිනි අවි භාවිතා කරලා රට පුරාම මිනී මරාගන්නවා ඒවා කීයක් ද අල්ලන්නෙ පොලිසිය. උන්මුහුදෙන් ගොඩ ගහපු බෙල්ලෙකුගෙ කටුවක් අල්ලාගෙන මහා විශාල ප්‍රවෘත්තියක් නිර්මාණය කරනව. ඔන්න ඕක තමයි ලංකාවේ පොලිසිය මහජනතාවගේ බදු මුදල් වලින් පඩි අරන් කරන්පොනෙ. වලාන දූෂණ මර්දන ඒකකය ට කරන්න තියෙන්නේ බෙලිකටු අල්ලන එකද ?

:       0       2

Nilantha Gamage Tuesday, 17 October 2023 06:06 PM

මේවා මෙතරම් වටිනවද . ජාවාරමක් ලෙස කොටි 30 කට රවටා අළෙවි කරන්න යන එකයි , මෙහි සැබෑ වටිනාකමයි දාන්න . නැත්නම් අද ඉඳල , මේ දැන් ඉඳලා අපේ අය වාලම්පුරි හොයන්න ගනියි හිටු කියලා .

:       0       1

Athula Tuesday, 17 October 2023 08:33 PM

හ්ම්ම්.... හැබැයි තවමත් තජුදීන් මැරුවේ කවුද කියලා සොයාගන්න බැරි වෙලා.. හේතුව හරි පැහැදිලියී

:       0       2

Prasanna Wednesday, 18 October 2023 10:09 AM

ඕක එම මුදලට විකුනලා දුප්පත් මිනිස්සුන්ට බෙදලා දීපල්ලා

:       0       1

සෙනෙවිරත්න Wednesday, 18 October 2023 12:36 PM

ගන්න කෙනාට අවුලක් නැත්නම්, ඕකෙන් සමාජයට අවැඩක් නැත්නම් බෙලිකටුවක් හුවමාරු කරගත්තාට නඩු මොකටද.? ගන්න කෙනා මේකේ කෙරුවාව ඇත්ත කියලා හිතනවා නම් අපට මොකද? එයාට මාසෙන් කෝටි හැටක් ලැබෙනවා ඇති. හැබැයි හොර පොත්වලට ලියාපදිංචි කළ සුඛෝපබෝගී වාහන රාශියක් පාරවල් වල, ඒවා හොයන්න එපා කීවාද?

:       0       2

Sam Friday, 20 October 2023 02:38 AM

මේවා පළ කරන එවුන්ගේ කකුල් කඩන්න ඕනා. කෝටි මිලියන ජනතාවගේ සල්ලි හොරකං කරන එවුන් අල්ලගන්න මුංට බෝල නැහැ. පොලිසිය ලොකු වීරකමක් කරලා වගේ මේවා පළ කරන්නේ. තුඃ නොදකිං.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site