
(ගයාන් සූරීය ආරච්චි)
රුපියල් කෝටි 2 කට වඩා වැඩි හෙරොයින් කිලෝ 1 ක්, ග්‍රෑම් 738 සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 504 ක් සමග සැකකරුවෙකු ඊයේ (19) රාගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විශේෂ කාර්ය බලකාය ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් පරිදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd