IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කෝටි 200ක කුඩු මහ මුහුදෙන් අල්ලයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

රුපියල් කෝටි 200 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග බහු දින ධීවර යාත්‍රාවක් සමග ධීවරයන් හය දෙනකු ගැඹුරු මුහුදේ දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි.

එම මත්ද්‍රව්‍ය තොගය ඉකුත් මස 21 වෙනි දින දෙවුන්දර සිදු වූ ද්විත්ව ඝාතනයේ ප්‍රධාන සැකකරුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙහි බාලේ මල්ලි නැමැත්තාට අයත් ඒවා බවට සැක කරන බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කරයි.

එම සැකකරුවන් සමග හොරෙයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 100 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.

ගෝනි හයක් තුළ මෙම මත්ද්‍රව්‍ය අසුරා තිබී ඇතැයි පොලිසිය කියයි.

ත්‍රිකුණාමල ධීවර වරායෙන් මුහුදු ගිය කුඩා වැල්ල බාසුරු ධීවර යාත්‍රාවෙන් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට නාවික හමුදාවට ලද තොරතුරකට අනුව සැකකරුවන් සමග මෙම බහු දින ධීවරයාත්‍රාව බටහිර මුහුදේ දි අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර ධීවරයන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.



අදහස් (0)

කෝටි 200ක කුඩු මහ මුහුදෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 507 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1056 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site