(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සමෘද්ධි නිලධාරීන්ට වැටුප් ගෙවීම සඳහා රුපියල් කෝටි 1800 කට වැඩි මුදලක් රජය වැය කළද දිළිඳු භාවයේ අඩුවක් නොමැති බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝපා) තොරතුරු අනාවරණයවිය.
සමෘද්ධිය සඳහා දෙන මුදල් ඵලදායි ලෙස යෙදවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව කමිටුවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
ජනතාවගේ දිළිඳුකම නැති කිරීම සඳහා පසුගිය වසරේදී කෝටි 14900 ක වැඩ කර ඇතැයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පැවසීය.
ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ හිටපු නිලධාරීන් පිරිසකට විශ්‍රාම වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) අප්‍රසාදය පළවිය.
මෙම නිලධාරීන්ට විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් අධිකරණය දුන් තීරණය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන්ද කෝපා කමිටුව ප්‍රශ්න කළේය.
මේ අතර අස්වැසුම වැඩසටහන සහ සමෘද්ධි වැඩසටහන ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාව කමිටුව එහිදී පෙන්වා දුන්නේය.
කාන්තා හා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශය හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධානින් කෝපා කමිටුවට කැඳවා ලබාදුන් නියෝගවල වර්තමාන තත්වය සාකච්ඡා කිරීමට රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගිය (09) වැනිදා රැස් විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.
එසේම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පරිපාලන ගැටලු නිරීක්ෂණය වන බව මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.
මීට අමතරව සමෘද්ධි බැංකුවල කාර්යභාරය සහ අස්වැසුම සහනාධාරය සමෘද්ධි බැංකු හරහා ලබාදීමේ හැකියාව සලකා බැලීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණ.
මෙම කාරක සභාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන ප්‍රසන්න රණවීර, සුරේන් රාඝවන්, ඩයනා ගමගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන තිස්ස අත්තනායක, සිවඥානම් ශ්‍රීතරන්, ජේ.සී. අලවතුවල, වීරසුමන වීරසිංහ, ඉසුරු දොඩන්ගොඩ, ආචාර්ය මේජර් ප්‍රදීප් උඳුගොඩ, මංජුලා දිසානායක සහ ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටි 1800 ක් පඩි ගෙව්වත් දුප්පත්කම එතනමයි
ravin Tuesday, 15 August 2023 03:29 PM
විහිලු සපයන ආයතනය විසින් සපයනු ලබන තවත් විහිළුවක්
Lalla Tuesday, 15 August 2023 03:59 PM
ඔය බොරු දේශපාලන වැඩට ගන්න සමෘද්ධිය අස්වැසුම නවත්තන්න. හොරුන්ට නිකමුන්ට කන්න දීල බෝකිරීම වැඩිවෙනව විතරයි.අනික සුදු අලි යෝජනා ක්‍රමයකට පඩි ගෙවන්න යන වියදම...