
(සුමිත් පොතුපිටියසහ එච් එම් ධරමපාල )
රුපියල් කෝටි පහළොවකට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය තොගයක්, සුඛෝපභෝගී මෝටර් රථයක් සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සමත්ව ඇත.
විදෙස් රටක සිට මහා පරිමාණයෙන් කොකේන් ජාවාරමේ නියුතු බව කියන බඩෝවිට රාජිත නමැති ජාවාරම් කරුගේ ගෝලයකු බව කියන බඩෝවිට පියා නමැති සැකකරු සහ බඩෝවිට ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ගෝලයකු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ක්‍රිකට් ක්‍රීඩකයින් භාවිතා කරනු ලබන විශාල බෑග්, ක්‍රිකට් පිති සහ ක්‍රිකට් උපකරණ මෝටර් රථයේ දමාගෙන මහා පරිමාණයෙන් කොකේන් ජාවාරම් කරන බවට අධ්‍යක්ෂක පොලිස් අධිකාරි උදය කුමාර මහතාට ලද තොරතුරක් මත ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පානදුර , හිරණ , ගල්තුඩේ කල වැටලීමෙන් පසු ප්‍රධාන සැකකරු කොකේන් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව මඳ වේලාවකට පසු ඔහුට අයත් මෝටර් රථයකින් කොකෙක් මත්ද්‍රව්‍ය කිලෝවක් පමණ රැගෙන යමින් සිටි දෙවන සැකකරුද අත්අඩංගුවට ගත්බව පොලිසිය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd