IMG-LOGO

කෝටි 12ක දුම්වැටි සමග 5ක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

එංගලන්තයේ සිට රෙදිපිළි ගෙන්වන මුවාවෙන් මෙරටට හොර රහසේ ගෙන් වූ රුපියල් කෝටි 12 පමණ වටිනා මෙරට තහනම්  දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් පස් දෙනෙක් පෑලියගොඩ දී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

පිටත ස්ථානයකදී ආරක්ෂක අංශ නිලධාරීන් විසින් මෙරට දී  සොයාගත් විශාලතම දුම්වැටි තොගය  මෙන්ම විශාලතම වටිනාකමින් යුක්ත  දුම්වැටි තොගය  මෙය බව වැටලීම සිදුකරන උසස් නිලධාරියෙක් පැවැසීය 

එම සැකකරුවන් සමඟ  එකම ලියාපදිංචි අංකය ප්‍රදර්ශනය කළ , එකම වර්ණයෙන් යුත්  බහලුම් ප්‍රවාහනය කරන රථ දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ

එංගලන්තයේ සිට  ඉන්දියාව හරහා රෙදිපිළි ගෙන්වන මුවාවෙන් මෙම ජාවාරම කලක සිට සිදුකර ඇති බවට පොලිසිය කියයි 

සැකකරුවන්ගේ මෙම ජාවාරම හේතුවෙන් රජයට බදු වශයෙන්  සිදුවන පාඩුව රුපියල් කෝටි විස්සක් පමණ යැයි  වැටලීම සිදුකර නිලධාරියෙක් පැවැසීය

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිවල මෝදර කළුතර ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් ය 

පොලිස් විශේෂ කාර්යය බලකා බළකා අණදෙන නිලධාරී නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකක එකෙහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රන්ජන දිසානායක මහතා ඇතුළු පිරිසක් වැටලීම සිදුකර ඇත 



අදහස් (0)

කෝටි 12ක දුම්වැටි සමග 5ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 369 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site