IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


කෝටි 12 රන් බඩුත් දී, කෝටි 11 දඩයකුත් ගෙවයි

(ටී.කේ.ජී.කපිල)

රුපියල් කෝටි දොලහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවට එරෙහිව පැවති විධිමත් රේගු පරීක්ෂණයේ දී වැරදි කරු වූ , ඇයට  රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩය, එසැනින් ගෙවා දැමීමට ඇය කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .

මෙම ඉන්දීය ජාතික කාන්තාව අලුයම ඩුබායි සිට මෙම කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 500 ක් බරැති ස්වර්ණාභරණ තොගය සිය සිරුරෙහි සහ ඇයගේ අත් බෑගයේ සගවා ගෙන නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබුණි .

මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය කටුනායක ගුවන් තොටුපොළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කමල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී ඇය විසින් මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ අතර , ඇයට තවත් රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබුණි .

ඒ අනුව මෙම ඉන්දීය ජාතික කාන්තාවට ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් කෝටි දොලහත් සමග ඇයට ගෙවීමට නියම වූ දඩ මුදලේ එකතුව රුපියල් කෝටි විසි හතරකට ආසන්න දැවැන්ත අලාභයක් විද ගැනීමට සිදු වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය

.



අදහස් (9)

කෝටි 12 රන් බඩුත් දී, කෝටි 11 දඩයකුත් ගෙවයි

සමන් විමල් Saturday, 23 December 2023 03:48 PM

මන්ත්‍රී කෙනෙක්... (මුස්ලිම්) වුණා නම් හැත්තෑ පන්දාහයි...!

:       4       46

Bamunuarachchi Saturday, 23 December 2023 09:27 PM

සමන් විමල් 1. රේගුව ආගම බලලා බදු දඩ වෙනස් කරලා තිබෙනවද? 2. මේ රත්තරන් බඩු සමග අල්ලපු ගැහැණු කෙනා ඉන්දියන් බව දන්නවා. එයා මුස්ලිම්ද නැද්ද කියලා දන්නවද? රත්තරන් හොරෙන් ගෙනා මන්ත්‍රීට දඩ ගහපු විදිහ හර්ෂද සිල්ව‍ාගේ සභාපතිත්වයෙන් පැවැත්වුණු මුදල් කාරක සභාවක කියැවුණා. එය බැලුවාද? එතැන්දී ඒ රත්තරන් රාජසන්තකද කියා කියැවුනේ නැහැ. නොකළා නම් ඒක වැරැදියි. ඒක හම්බයින්ට සපෝට් කලාවෙනවා. ජෙප්පෝ වගේ දිව හැරෙන හැරෙන පැත්තට කථා කරන්න එපා...

:       0       3

ලසන්ත Saturday, 23 December 2023 04:54 PM

මෙහෙම දඩයක් ගැහුවාම එයින් කොටසක් පරීක්ෂණ කණ්ඩායමේ අයට බෙදීම කරනවා...!

:       0       20

පැරකුම් Saturday, 23 December 2023 05:34 PM

මේ කාන්තාව ඉත්තෙක් පමණයි... හැකිනම් මහ මොලකරු අල්ලන්න.

:       1       22

චාමර Saturday, 23 December 2023 06:53 PM

හිටපු පා.ම. අලි සබ්‍රි රහීම් මිලියන 74 ක රත්තරං සහ මිලියන 4ක ස්මාර්ට් ෆෝන් හොරෙන් ගෙනාවාට දඩේ මිලියන 7.5යි. මේ මනුස්සයාගේ මිලියන 120ක රත්තරං වලට දඩය විතරක් මිලියන 110ක්... මන්ත්‍රී වුණාම දඩේ චූට්ටං වෙනවා වගේ...!

:       2       36

සමන් Saturday, 23 December 2023 07:59 PM

අනේ අප්පොච්චියේ, ඒ අතින් අපේ අලි සබ්රි මැතිතුමා කොච්චර වාසනාවන්තද ඈ...? එතුමා දෙවෙනි වෙන්නේ අර විල්පත්තු කැලේ කපලා උසාවි නියෝගේ මායින් නොකර ඉන්නෙත් රිෂාඩ් මැතිතුමාට විතරයි...!

:       0       0

nihal Saturday, 23 December 2023 11:17 PM

ජනතා වරමක් නොලබා විකාරනේ කරන්නේ... හරියට හොයලා බලන්න නැතිනම් යන්න...

:       0       0

don Sunday, 24 December 2023 07:33 AM

නීත්‍යානුකූල මංකොල්ල කෑමක් සහ මුදාහැරීමට නීත්‍යානුකූල කප්පම් ගැනීමක්...!

:       0       0

don Sunday, 24 December 2023 07:35 AM

මෙච්චර ලේසියෙන් මෙහෙම පාඩුවක් විඳගන්න... මේවා දුක් මහන්සියෙන් හොයපු මුදල් වෙන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 18 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site