(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දොලහක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතික කාන්තාවට එරෙහිව පැවති විධිමත් රේගු පරීක්ෂණයේ දී වැරදි කරු වූ , ඇයට රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩය, එසැනින් ගෙවා දැමීමට ඇය කටයුතු කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
මෙම ඉන්දීය ජාතික කාන්තාව අලුයම ඩුබායි සිට මෙම කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 500 ක් බරැති ස්වර්ණාභරණ තොගය සිය සිරුරෙහි සහ ඇයගේ අත් බෑගයේ සගවා ගෙන නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබුණි .
මේ පිළිබඳ විධිමත් රේගු පරීක්ෂණය කටුනායක ගුවන් තොටුපොළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කමල් ප්‍රනාන්දු මහතා විසින් පවත්වා තිබූ අතර එහිදී ඇය විසින් මෙරටට නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ ස්වර්ණාභරණ තොගය රාජසන්තක කිරීමට නියෝග කළ අතර , ඇයට තවත් රුපියල් එකොළොස් කෝටි අසූ ලක්ෂයක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබුණි .
ඒ අනුව මෙම ඉන්දීය ජාතික කාන්තාවට ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ ස්වර්ණාභරණ තොගයේ වටිනාකම රුපියල් කෝටි දොලහත් සමග ඇයට ගෙවීමට නියම වූ දඩ මුදලේ එකතුව රුපියල් කෝටි විසි හතරකට ආසන්න දැවැන්ත අලාභයක් විද ගැනීමට සිදු වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී කෙනෙක්... (මුස්ලිම්) වුණා නම් හැත්තෑ පන්දාහයි...!
මෙහෙම දඩයක් ගැහුවාම එයින් කොටසක් පරීක්ෂණ කණ්ඩායමේ අයට බෙදීම කරනවා...!
මේ කාන්තාව ඉත්තෙක් පමණයි... හැකිනම් මහ මොලකරු අල්ලන්න.
හිටපු පා.ම. අලි සබ්‍රි රහීම් මිලියන 74 ක රත්තරං සහ මිලියන 4ක ස්මාර්ට් ෆෝන් හොරෙන් ගෙනාවාට දඩේ මිලියන 7.5යි. මේ මනුස්සයාගේ මිලියන 120ක රත්තරං වලට දඩය විතරක් මිලියන 110ක්... මන්ත්‍රී වුණාම දඩේ චූට්ටං වෙනවා වගේ...!
අනේ අප්පොච්චියේ, ඒ අතින් අපේ අලි සබ්රි මැතිතුමා කොච්චර වාසනාවන්තද ඈ...? එතුමා දෙවෙනි වෙන්නේ අර විල්පත්තු කැලේ කපලා උසාවි නියෝගේ මායින් නොකර ඉන්නෙත් රිෂාඩ් මැතිතුමාට විතරයි...!
ජනතා වරමක් නොලබා විකාරනේ කරන්නේ... හරියට හොයලා බලන්න නැතිනම් යන්න...
නීත්‍යානුකූල මංකොල්ල කෑමක් සහ මුදාහැරීමට නීත්‍යානුකූල කප්පම් ගැනීමක්...!
මෙච්චර ලේසියෙන් මෙහෙම පාඩුවක් විඳගන්න... මේවා දුක් මහන්සියෙන් හොයපු මුදල් වෙන්න බැහැ...