
(යොහාන් භාසුර)
නීති විරෝධීව මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරැට් බන්ඩල 713,000 ක තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබී සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකායේ නිලධාරීන් කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක කළ පරීක්ෂාවකදී මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
එහි ලෝකයේ නම් දැරූ සන්නාමයක සිගරට් බන්ඩල 713,000 ක සිගරැට් කෝටි 3565 ක් තිබූ බවත් ඒ මහතා කීය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය කළ මිලිමීටර 5 ක කුහර සහ රැලි සහිත තහඩු පැලට් 5 ක් තුළ සඟවා තිබියදී මෙම සිගරැට් තොගය සොයා ගෙන ඇත.
එම සිගරට් වල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 124,019,554 ක් වන අතර මෙම සිගරැට් තොගය කිසියම් ක්‍රමයකින් වරායෙන් පිට කළේ නම් රජයට රුපියල් 107,985,621 ක බදු ආදායමක් අහිමිවන බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිගරට් කෝටි 3,563 ක් අහු වුණා කියන්නේ, එක සිගරට් එකක් රුපියලක් වුණත් එතනම කෝටි 3,563 ක් නේ.. එතකොට කෝටි 12 ක සිගරට් අහු වෙලා කිව්වේ
අදාල පුද්ගලයන්ට හරියට කොටස නොගියම ඕක වෙනවා.