(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
බදු අභියාචනා කොමිෂන් සභාවට ලැබී ඇති අභියාචනා 733 ක් හේතුවෙන් රඳවා ඇති රුපියල් කෝටි 12,000 ක් අයකර ගැනීමට නොහැකිව ඇතැයි ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී ඇත.
මෙම බදු අයකරගැනීමට නොහැකි වී ඇත්තේ එම විමර්ශන අවසන් නොවීම නිසා බව කමිටුව පවසයි.
මේ අතර බදු අභියාචන කොමිසමේ තීරණයෙන් පසු ඉහළ අධිකරණවලට යොමු කෙරුණු අභියාචනා ප්‍රමාණය මත රඳවා ඇති බදු මුදල්වල අගය පිළිබඳව නිශ්චිත තොරතුරු නැතැයි එම කාරක සභාවේ සභාපති රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.
බදු අභියාචනා කොමිසමට 2011 වර්ෂයේ සිට මේ වර්ෂය දක්වා බදු අභියාචනා 1676ක් ලැබී ඇති බවත් එම අභියාචනා මත රඳවා ඇති බදු මුදල්වලින් අභියාචනා 930 ක් විසඳා අවසන් කර ඇති බවත් එම කාරක සභාව පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd