(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට 1999 වර්ෂයේදී රුපියල් කෝටි 11ක වියදමින් මිලදී ගෙන ඇති ඡායාරූප සුද්ද කිරීමේ යන්ත්‍රයෙන් මෙතෙක් එකම ඡායාරූපයක් හෝ සුද්ද කර නැතැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා) තොරතුරු අනාවරණයවූ බව එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
මේ යන්ත්‍රය අද යකඩවලට පවා විකුණා දැමිය නොහැකි තත්වයක පවතින බව පැවසූ සභාපතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ විශාල කාමරයක රඳවා ඇති මේ යන්ත්‍රය හේතුවෙන් එහි විශාල ඉඩකඩක්ද ඇහිරි ගොස් තිබෙන බව ප්‍රකාශ කළේය.
මෙම යන්ත්‍රය 1999 වර්ෂයේදී මිලදීගෙන ඇතැයි පැවසෙන්නේ ප්‍රංශයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සිටි අධ්‍යක්ෂවරයාට සිරදඬුවම් දිය යුතුයි.
ඔය කාලයේ ඔහොම දේවල් අනන්ත වුණා මම පොඩි එකක් කියන්නේ එක හංදියක ත්‍රි වීලර් නැවතුම් පොලක් තිබුණා. ඉතින් ඒකේ ත්‍රිවීලර් නවතාගෙන සිටින අයෙක් හෝ කීපදෙනෙක් 94 ආණ්ඩු පෙරළියේ ක්‍රියාකාරීන් නොවුණත් ප්‍රදේශයේ මංත්‍රීගේ හිතවතුන් දෙන්නෙක් වගේම ඒ ප්‍රදේශයේ පදිංචි දෙන්නෙක් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ සැලසුම් අංශයේ හිටියේ වැඩසටහන් නිලධාරින් (දැන් කාලයේ සංවර්ධන නිලධාරින්) දෙන්නෙක් හිටියා. සියලු සංවර්ධන වැඩ කරන්න වුනේ ඔවුන් දෙන්නට ඕනෑ හැටියට පමණයි.. හොඳම වැඩේ අග්‍රහාර රක්ෂණ ගෙවීම කෙනෙකුගේ ආච්චිට හිමි නැතත්, එකෙකුගේ ආච්චිටත් අග්‍රහාර ගත්තා.. ඒ කාලයේ ගෙවීම් කළේ රක්ෂණ සංස්ථාව මගින් තමයි. ඔවුන් රක්ෂණ හිමිකම් තිබුණු නිලධාරින්ට ගන්න දුන්නේ නැහැ... මොවුන් දෙදෙනාගේ හිතුවක්කාර ක්‍රියා කොහොමද කිව්වොත් මම මුලින්ම කියූ ත්‍රීවීලර් නැවතුම්පළට රජයේ වියදමෙන් ගොඩනැගිල්ලක් හදාදුන්නු එක තවමත් හංදියේම තියෙනවා...