(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගල් අඟුරුවලින් ඉන්ධනවලින් කොමිස් ගත්තා යැයි කියනවා නම් එය ඔප්පු කිරීම සඳහා රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය.
ගල් අඟුරු මිලදී ගැනීමේදී හෝ ඉන්ධන මිලදී ගැනීමේදී තමාට කිසිවෙකුත් බලපෑම් කර නැතැයි ද ඔහු සඳහන් කළේය.
විජේසේකර මහතා මෙසේ පැවසුවේ බලශක්ති සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
කංචන විජේසේකර මහතා මෙසේද සඳහන් කළේය.
ගල් අඟුරු වලින් ඉන්ධන වලින් කොමිස් ලබාගන්නවා කියලා අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා චෝදනා කරනවා. එතුමාට අපේ අමාත්‍යාංශයේ වාර්තා හැම එකක්ම පරික්ෂා කරන්න පුළුවන්. ඉන්ධන ආනයනය කරපු හැම වාර්තාවක්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. පාර්ලිමේන්තුව ඇතුළේ ඕන දෙයක් කියන්න පුළුවන්. මම එතුමාට කියනවා ගල් අඟුරු සම්බන්ධයෙන් හෝ ඉන්ධන ආනයනය සම්බන්ධයෙන් හෝ පහුගිය මාස දහඅටක කාලය තුළ දූෂණයක් කර ඇත්නම් එළියේ එතුමාට නඩු කට වලට යන්න පුළුවන්. වංචා දූෂණ ගැන තොරතුරු අරගෙන විවාදයකට එනවා නම් මමත් එනවා. එතකොට එතුමාගේ දැනුම බලාගන්න පුළුවන්. එතුමා හැමදාම ෆයිල් තියෙනවා කියනවා. නමුත් නඩු දාපු එකම ෆයිල් එකක්වත් නැහැ. ඉන්ධන ආනයනයට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ මම. මට ඒ ගැන කවුරුවත් බලපෑම් කරන්නේ නැහැ. වංචාවක් වෙලා තියෙනවා නම් ඕනම අධිකරණයකට යන්න පුළුවන්.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කට කළු අනුර .වලංගු කරුණකට තර්ක කළ නොහැක. ඔහු සැගවී සිටින්නේ පාර්ලිමේන්තුව පිටුපස පමණි. ඔහු කතා කරන්නේ ඔහුගේ ලස්සන කතා කිරීමේ හැකියාවෙන් තොරතුරු කිහිපයක් මත පදනම්ව පමණි. ඒ නිසා තමයි මේ අවුරුදුවලට ජවිපෙට නියම බලයක් හෝ පාලනයක් ලැබුණේ නැත්තේ.
අයියෝ කාංචන ඇමැති තුමා ඇයි අපේ අන්රයියව අමාරවෙ දාන්නෙ. එයා ලග පයිල් තියෙකව නේද. ඔයාලට සපෝට් එකට නේද ඒවා එලියට ගන්නෙ නැත්තෙ. ඔහොම කොරොත් අන්රයියගෙ තියෙන තුනනෙ ගැලවිල යන්නෙ. කෙතයි.
ටිකක් ඉන්න ඡන්දයක් එනකන්...!!!...හැතිකරේම තොලොන්චි වෙනවා......
AKD යනු MY3 part 2! කිසිම දැනුමක් නොමැති මුකරි වේසාවෙක්! හරිනි තමයි මිලග ජනපති හෝ අපේක්ෂක
ආණ්ඩුවේ මැති ඇමතියන් හා නිළධාරින් සිදුකරන වැරදි වලට අපරාධවලට එරෙහිව පෞද්ගලික නඩු දාන්න බැහැ. ඒකට තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේතුව තියෙන්නේ, එගොල්ලෝ පරික්ෂණ පවත්වලා නීතිපති දෙපාතුමේතුවට වාර්ථාව දුන්විට නීතිපතිවරයායි නඩුව දානේනේ. මේ හොර ඇමතියා ඒක හොදටම දැනගෙන තමයි මේ බොරු බයිලා ගහන්නේ. ඒ වගේම කවදාවත් එයා අනුර එක්ක විවාදයකට එන්නේ නැහැ. තමන් එක්ක ඉන්න කබ්බන්ව ෆෝම් කරන්න තමයි මේ ගොන් ආතල් දෙන්නේ. පවු අසරණ ජීවිත දැන් මයිනා නැති නිසා දැන් කපුටන්ට සැට්වෙලා.
කමක් නැහැ මිනිස්සු සූදානම් ඕන බිලක් ගෙවන්න. තව වැඩි කරන්න. කමන්ට් බැලුවම ඒකනේ පේන්නෙ.ෆයිල් තියෙනව නඩු දාන්නෛ නීතිපති, අහක දාන්නෙ තාක්ෂණ දෝෂ නිසා, අනුරට බලයක් ආපු දවසට පෙන්වන්නම්.
අනුර අයියා නම් අමාරුවේ දාන්න බැහැ සමන් දරවෝ, හැබැයි තමුන්ලාගේ ගෙවල්වල එක පහනක් දල්වන කාලය අත ලඟයි. මේ සියල්ල නොරටුන් සතු කරන ඇමැතිට ආවඩන මිනිස්සු මොළයක් සහිත සත්වයන් විය නොහැකියි. අනුරට කෝචොක් දාමු. හැබැයි තමන්ගේ ඇඳිවතත් උදුරාගෙන බව දැන ගත්තොත් හොඳයි.
කාංචන කවුද? හෙට අනිද්දා ජනාධිපති වෙන අනුරත් එක්ක කතා කරන්න...!
කොමිස් ගන්නවා කියලා කිව්වේ ... ඔයාගේම ජනාධිපති අද උදේ... අනුර කුමාරම කතාකරන වෙලාවේම... කවුද ගන්නේ කියලා අහගන්නේ ඔයාගේම ජනාධිපතිගෙන්...
මෝඩයින් එක්ක මොන විවාදද? ඊළඟ ආණ්ඩුවෙන් මේවාට උත්තර ලැබේවි...
අනුර නාගන්න යන්නේ...!
කාංචන මහත්තයා... පේනවා නේද කොමෙන්ට්වලට තියන ප්‍රතිචාර... තමුන් සමග වාද කරන් එන්න තරම් අමනෝඥයින් නැහැ. බූරුවන් සමග වාද නැහැ. නැවතත් කියන්නේ.. පුළුවන් නම් ඡන්දෙ ඉල්ලලා ඊළඟ සැරේ පාර්ලිමේන්තු එන්න. ඒ අභියෝගය බාර ගන්නවාද?
ඔන්න අනුරයා කෙහෙල් ගහට කොටලා. අන්න සහෝදර මචන් ඔබේ බැටෑලියන් එකයි, අප්පුඩි ගහන්න ජෙප්පෝ සෙට් එකයි ජයවේවා කියන සෙට් එකයි අරගෙන යන්න විවාදේට...
විවාද මොකටද? ගිහිල්ලා උසාවියේ නඩුවක් දාන්නකෝ. ඔයාගේ තාත්තගේ කෙරුවාවල් ගෙනත් අපි අහලා තියෙනවා.
අද ලයික් ඩිස්ලයික් පාලනය කරන්න බැරිවෙලා වගේ. නැත්නම් වෙනදා ඔහොම නෙමේනේ...!
කාලකන්ණි ආණ්ඩුවේ බදු වැඩි කිරිමට අත ඔසවපු නරුම පොහොට්ටු හැතිකරේ ආයේ චන්දේ ඉල්ලගෙන අපේ ගම වලට නම් එනවා බොරු. ඉලපතෙන් තඩි බාන්නේ
හොරා කවදාවත් හොරකන් කරා කියල කියන්නේ නෑනෙ.තර්ක වැඩක් නෑ .ආන්ඩුවෙන් අයින් වෙන්න.මහ එකා හොරා නම් පොඩි එකා නිකන් ඉදිද?