
(මොහොමඩ් ආසික්)
මධ්‍යම කඳුකරයට මේ දිනවල අධික වැසි ඇද හැළුණද ජල විදුලිය සඳහා ජලය මුදා හරින වික්ටෝරියා ජලාශය තව දුරටත් පතුලටම සිඳී පවතින අයුරුයි මේ.
පසුගිය දින කිහිපය පුරා මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට නාය යෑමේ අවදානමක් ඇති වන මට්ටම දක්වාම අධික වැසි ඇති වුවද වික්ටෝරියා ජලාශය පතුලට සිඳී ඇති අයුරු අද 11 වැනි දා සවස දිස් වුයේ මෙසේයි.
පැරැණි තෙල්දෙණිය නගරය යට කර ඉදි කර ඇති වික්ටොරියා ජලාශය සිඳී යාම නිසා පැරැණි තෙල්දෙණිය නගරයේ ඇතැම් නටබුන්ද මතුව ඇති අයුරුද දක්නට ලැබෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල් අගුරු ගෙන්වන, හදිසි මිලදීගැනීම් කරන කට්ටිය තමයි ඔහොම වෙන්න කොහොමද දන්නෙ .
දේවෝ වස්සතු කාලේන
CEB අය වතුරටික යවල වෙන්න ඇති. අර්බුධයක් ඇතිකරන්න.
රටෙ වාසනාව! ගිලෙන්නෙ නතුව සීතල වතුර ටිකක් නා ගන්න පුලුවන්.
වැස්සට වැඩක් නෑ ජල පෝෂක වැනසිලා නම්.
වාන් දොරවල් ඇරලා හෝ ජල විදුලිය නිපදවන තැනදි අනවශ්‍ය ලෙස විශාල ජල ප්‍රමාණ මුදා හරිමින් හැමදාම ජලාශ වල වතුර නෑ කියම්න් පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගෙන තම සාක්කු පුරවගන්නා ජඩ ක්‍රියාව කවදා කවුරුන් හෝ හෙළි කර ගෙන එම ජඩයින් ට දඬුවම් දිය යුතුය
ඉක්මනින් වික්ටෝරියා ජලාශයේ ජල කාන්දුවක් තිබේද පරීක්ෂා කරන්න එහෙම නැත්නම් වාන් දොරටුපාලකයින් මරනින්දේද බලන්න
රටේ මිනිස්සු දුර්ජන වනවිට සොබාදහමත් ඉවත බලයි...!