
(සුමිත් ප්‍රේමතිලක)
අයාලේ යන ගවයින් අල්ලා නැගෙනහිර පළාතේ ගොවිපලවලට යැවීමට වස්කඩුවේ වාඩියවත්ත ක්‍රීඩාපිටියක කොටුකර සිටී ගවයන් දහතුන් දෙනෙකු අද අලුයම අතුරුදහන්ව ඇතැයි ප්‍රදේශවාසීහූ පවසති.
කළුතර සහ පානදුර ප්‍රදේශයේ අයාලේ යන ගවයන් පසුගිය දිනවල දුම්රිය මාර්ගයේ මෙන්ම ගාලුපාරේද විශාල වශයෙන් අනතුරුවලට ලක්ව තිබු අතර, ඒ අනුව ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවලද සහාය ඇතිව එම සතුන් නැගෙනහිර පළාතේ ගොවිපල් වෙත රැගෙන ගොස් භාරදීමට කොටුකර සිටීයදී මෙසේ අතුරුදහන් ඇත.
එම සතුන් මස් පිණිස සොරකම් කීරීමේ ජාවාරමක්ද මහා පරිමාණයෙන් ප්‍රදේශයේ ක්‍රියාත්මකව තිබු බැවින් කිසියම් පිරිසක් විසින් අලුයම් කාලයේ රැගෙන ගොස් ඇත්ද යන්න සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සැකපල කරති.
මේ පිළිබඳ අදහස් දැක්වූ කළුතර ප්‍රාදේශීය සභාවේ උප සභාපති ටී.ඩී. ජයසිරි මහතා සදහන් කළේ එම සතුන් සොයා කළුතර ප්‍රාදේශීය සභාවේ සේවකයන් යොදවා ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරක් හොයන්න ප්‍රාදේශීය සභාවේ සේවකයෝ දාන්න ඇත්තේ..... හරක් එයාලව දන්න නිසාද?