(සුජිත් හේවාජුලිගේ)
කොළඹ කොටුවේ සිට මීරිගම බලා ධාවනයවූ මන්දගාමී දුම්රියක් හුණුපිටිය ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ ඇතිවූ කිසියම් දෝෂයක් හේතුවෙන් එම ස්ථානයේ සිට කැලණිය දුම්රිය ස්ථානය දක්වා සැතපුම් හතරක් පමණ පසුපසට ගමන් කරවීමට ඊයේ (1) සිදුවිය.
ඒ ආකාරයට පිටුපසට ධාවනය කර කැලණිය දුම්රිය ස්ථානය අසලට ළඟාවීමෙන් පසු වෙනත් දුම්රිය මාර්ගයක් ඔස්සේ දුම්රිය ඉදිරියට ධාවනය කරවීමට එහි රියදුරෝ පියවර ගත්හ.
මේ හේතුවෙන් දුම්රිය පැයකට ආසන්න කාලයක් ප්‍රමාදවීමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වූහ.
දුම්රිය මෙසේ පසුපසට ධාවනය කෙරුණේ දුම්රිය බලධාරීන්ගෙන් ලබාගත් විශේෂ අවසරයක් අනුව බව දුම්රිය ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම දුම්රිය කොළඹ කොටුව දුම්රිය පොළෙන් ගමන් ආරම්භ කළේ රාත්‍රී 9.45 ට පමණය. ඊට විනාඩි පහළොවකට පමණ පසුව හුණුපිටිය දුම්රිය ස්ථානය අසලට ළං වෙද්දි මෙම සිද්ධියට මුහුණ දුන්නේය.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
908
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝච්චියක් හැතැප්ම හතරක් ’’රිවර්ස්’’
Sachith Tuesday, 02 January 2024 12:05 PM
සීග්‍රඝාමී කෝච්චිය නවත්තලා මන්දගාමී කෝච්චියට ඉඩ දෙනවා .අන්න ඒ වගේ මන්දගාමී මානසිකත්වයක් ඕකේ ඉන්න නිලධාරීන්ට තියෙන්නේ
Nimal Tuesday, 02 January 2024 01:22 PM
දුම්රිය සේවය පමනක් නොවෙයි, මුලු රටම දැන් රිවස්.