
කච්චතිව් හි ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය, යාපනය පදවියේ රදගුරු, ගරු ජස්ටින්ඥානප්‍රකාසම් පියතුමාගේ මෙහෙයවීමෙන් හෙට සහ අනිද්දා අති උත්කර්ෂවත්ව පැවැත්වේ.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් හා මඟපෙන්වීම මත, උතුරු නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් අරුණ තෙන්නකෝන් ගේ අධීක්ෂණයෙන්, මෙහි සංවිධාන කටයුතු සිදු කරයි.
මංගල්‍යය සඳහා සහභාගී වන බැතිමතුනට අවශ්‍ය පානීය ජලය, සනීපාරක්‍ෂක පහසුකම්, තාවකාලික කුටි, තාවකාලික මංමාවත් හා ජැටි සකස් කිරීම මෙන්ම විදුලි බල පහසුකම් ස්ථාපනය කිරීමද නාවික හමුදාව මේ වන විට කඩිනමින් සිදුකරයි.
බැතිමතුන්ගේ ආරක්‍ෂාව සඳහා ජීවිතාරක්‍ෂක කණ්ඩායම් යෙදවීමට අවශ්‍ය ස්ථාන හඳුනා ගැනීම හා වෛද්‍ය පහසුකම් සැලසීම සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමද නාවික හමුදාව සිදු කරයි.
වාර්ෂිකව පැවැත්වෙන මෙම දේව මංගල්‍යය සඳහා ඉන්දියානු හා ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන් විශාල පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්‍ෂා කෙරේ.
කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා පූජකවරුන්, රජයේ නිලධාරීන්, විශේෂ පුද්ගලයන්, බැතිමතුන්, දෙස් විදෙස් මාධ්‍යවේදීන් හා දේව මෙහෙය සඳහා අවශ්‍ය විවිධ භාණ්ඩ හා උපකරණ නාවික හමුදාවේ අධීක්ෂණයෙන් ආරක්‍ෂිතව මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා කටයුතු සම්පාදනය කර ඇතැයි නාවික හමුදාව කියයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම වැදගත්කමක් හෝ ආර්ථික වටිනාකමක් නොමැති දූපතක් ලබාගෙන වසරකට වරක් මංගල්‍යයක් පවත්වා රටේ අතිවිශාල ධනස්කන්ධයක් නිස්කාරණේ වියදම් කරගෙන මේ කරන වැඩේ හරිද? මෙම මංගල්‍ය සඳහා දසදහස් ගාණක් ඉන්දියානුවන් පැමිණෙන අතර මොවුන්ට ආහාරපාන ආදිය පහසුකම් සැපයීම සඳහා අතිවිශාල මුදල් ප්‍රමාණයක් රටේ බදු ගෙවන ජනතාව විසින් ලබාදේ. බංකොළොත් වී ඇති රටක මෙම විකාර නතර කළ යුතුයි යන්න අපගේ විශ්වාසයයි. මෙහි ඇති පරිදි මෙම මංගල්‍යයේ වැඩ කටයුතු සඳහා නාවික හමුදාවේ විශාල රණවිරුවන් ප්‍රමාණයක් යොදවා ඇති අතර මෙම මුදල් සියල්ල ලබාදෙන්නේ රටේ බදු ගෙවන ජනතාවයි.
ආරක්ෂක හමුදාවලට ඔච්චරටම මොකද්ද තියෙන ඕනෑකම ආගමික වැඩවලට සම්බන්ධ වෙන්න...? ඊට අමතරව හෝටල්, කෘෂිකාර්මික වැඩ සහ විශේෂයෙන්ම ලොක්කන්ගේ ගෙවල් වල මෙහෙකාර වැඩවලටත් සෑහෙන්න සම්බන්ධයි. බලන් යනකොට ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා, ආරක්ෂක හමුදාවකට වඩා වෙන වැඩකරන මෙහෙකාර සේවයක් වගේ. නොදකින් විතරක්...!
රණවිරු සහෝදර සහෝදරියනි. මා බෞද්ධයකු උවත් ඔබ මේ කරනා උදාර මෙහෙවර අගය කොට සලකමි..ජරා ජීර්ණ දේශපාලන මහල්ලන් උන්ගේ සීමා මායිම ලකුණු කර පාලනය ඉල්ලන විට තවමත් අප පරාර්ථකාමී මිනිසුන් ලෙස රටේ සියලු ජනතාව සහ විදේශීය බැතිමතුන්ට වන්දනාමාන කිරීමට පහසුකම් සපයන ඔබ සැමට ජේසු පිහිටයි